වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයේ කටයුතු කළ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හෙට(ජුනි 01) සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට පත් කෙරේ.

රටම වසා දැමීමට මේ දක්වා කිසිදු අදහසක් නොමැති බවද යුද හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. 

ඊයේ (13) දිනයේ දී හමුවු කොරෝනා ආසාදිතයින් 26 දෙනාම වැලිසර නාවික හමුදා කඳවුරේ සාමාජිකයින් බව යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

කොරෝනා මර්දන ජාතික මෙහෙයුම් මධ්‍යස්ථාන ප්‍රධානියා ලෙස හමුදාපති ශවේන්ද්‍ර සිල්වා පත්කෙරේ.

යුද්ධ හමුදාපති ලුතිතන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරේ අද රාජකාරී ආරම්භ කළේය.

එළඹෙන උත්සව සමයේ දී ජනතා ආරක්ෂාව සහතික කොට ඇතැයි, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි.

තමා යටතේ ඇති සියලුම නිලයන් අතර ඉහළම විනය සහතික කරන බවත්, ඕනෑම තත්ත්වයක් යටතේ වැරදිකරුවන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන බවත් ශ්‍රී ලංකා යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් සිල්වා කියා සිටියි.

ජනතාවගේ ආරක්ෂාව සහ දිනපතා කාර්යන් පවත්වාගෙන යාම සඳහා කළ හැකි ඕනෑම කාර්යක් සිදුකිරිමට යුද හමුදාව සුදානම් යැයි යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. අද (01) අනුරාධපුර ශ්‍රී මහා බෝධින් වහන්සේ අභියස පැවැති විශේෂ ආගමික වැඩසටහනින් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මේ බව අද සඳහන් කළේය.

විවිධ අංශ සඳහා කෙටිකාලීනව යුද හමුදාවට යම් මැදිහත් වීමකත් සිදු කළ හැකි බවත් එය අවශ්‍යතාව අනුව සිදුවන්නක් යැයි යුද හමුදාධිපතිපතිවරයා මෙහිදී වැඩිදුරටත් කියා සිටියේය.

යුද හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා........

සෑම කටයුත්තක්ම පැවරුනු සහ එවාට විශේෂ හැකියාව ඇති අය සිටිනවා. එවා ඒ ඒ අයට අයිති දෙවල් . මේවා හමුදාවට අයිති දේවල් නොවේ. එමෙන්ම අත්‍යාවශ්‍ය සේවා සඳහා යුද හමුදාව යම් කිසි දෙයකට ඇරයුම් කරනු ලැබුවහොත් තමන්ට කළ හැකි උපරිමය සිදුකරනවා. නමුත් අපි දැන ගන්න ඕනේ ඒ කාර්යන් වලට දක්ෂ අය ඒ අයතනවලයි සිටින්නේ ඒක නිසා එගොල්ලන් තමයි එවා කරගෙන යන්න අවශ්‍ය යැයි ඔහු කියා සිටියේය.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා තනතුරට පත්වීමෙන් පසු අද ප්‍රථම වරට දළදා සමිදුන් වැඳපුදා ගැනීමට මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණියේය.

අනතුරුව ඔහු අස්ගිරි මහනාහිමියන් බැහැ දැකීමට පැමිණියේය. ජය ශ්‍රී මහබෝ සමිඳුන් හා රුවන්වැලි සෑ රඳුන් වැදපුදා ගැනීමට ද නියමිතයි.

යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා......

“මගේ බලාපොරොත්තුව ශ්‍රී ලංකා යුද හමුදාපතිවරයා වශයෙන් පළමුවෙන් අපි රට ආරක්‍ෂා කරගත යුතුව තියෙනවා. රටේ ඉන්න මහජනතාව ආරක්‍ෂා කරගන්න ඕනේ. යුද හමුදාව නූතන හා අනාගතයට සරිලන පරිදි විශිෂ්ට හමුදාවක් කරා මින් ඉදිරියටත් රැගෙන යාම වගකීමක් හැටියට මං සලකලා යුද හමුදාවේ විරෝධාර රණවිරුවන් සහ රණවිරුවන්ගේ පවුල්වල සියලුම සාමාජිකයන් රැක බලාගැනිම, ඔවුන්ට සුබසාධනය ලබාදීම සහ යුද හමුදාවේ දැනට රාජකාරියේ නියුතු සියලු දෙනාම ඉතාම සන්තෝෂයෙන් රාජකාරි කරන හමුදාවක් බවට පත්කිරීම තමයි අරමුණ. අපි මේ යුද්ධය කළේ මගේ රට වෙනුවෙන්. රට වෙනුවෙන් මොන චෝදනා ආවත් ඉදිරියටත් ගිහිල්ලා මගේ ජිවිතේ පරිත්‍යාග කරලා හරි රට ආරක්‍ෂා කරන්න මං කැපවෙලා ඉන්නවා“ යැයි යුද හමුදාපතිවරයා පැවසීය.

ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අද යුද හමුදා මූලස්ථානයේ දී රාජකාරී ආරම්භ කළේය.

Latest News