සියලු දුම්රිය ස්ථාන 'හරිත' වෙයි

ජන 02, 2020

    මෙරට සියලු දුම්රිය ස්ථාන 'හරිත දුම්රිය ස්ථාන' බවට පත් කරන බව, අමාත්‍ය අමරවීර මහතා පවසයි.

    එහි සමාරම්භක උත්සවය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් දෙමටගොඩ දුම්රිය ස්ථානයේ දී ඊයේ පැවැත්විණ. සියලු දුම්රිය ස්ථානවල පැල සිටුවීම මගින් ඒවා, ජනතාවගේ ආකර්ශනීය ස්ථාන බවට පත් කළ හැකි බවයි, අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේ.

    රජයේ රැක් රෝපණ වැඩසටහන ක්‍රියාත්මක කර ඇති අතර, ඊට සමගාමීව දුම්රිය ස්ථාන හරිත දුම්රිය ස්ථාන බවට පත් කිරීමේ වැඩසටහන ද ක්‍රියාවට නැංවෙයි. බොහෝ දුම්රිය ස්ථානවල පොදු පහසුකම් අවම මට්ටමක පවතින අතර, සියලු දුම්රිය ස්ථානවල පොදු පහසුකම් ඉහළ නංවා, වඩාත් කාර්යක්ෂම සේවාවක් ඉදිරියේ දී ලබාදීමට පියවර ගන්නා බව අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.

     

     

    Last modified on බ්‍රහස්පතින්දා, 02 ජනවාරි 2020 09:54

    Latest News