මෛත්‍රී පොළොන්නරුවෙන් මහමැතිවරණයට

ජන 02, 2020

    හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා මේ වසරේ පැවැත්වෙන මහමැතිවරණය සඳහා පොළොන්නරුව දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට නියමිතව තිබේ.

    ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වන පොදු සන්ධානයක් යටතේ තරග කිරීම සිදුවන බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද මාධ්‍ය වෙත පැවසීය. මෙම පොදු සන්ධානය සඳහා වූ ඉදිරි සාකච්ජා සිදුකිරීමට නියමිත බවත් ඒ අනූව සන්ධානගතවීම ඉදිරි මාස කිහිපය තුල සිදුවෙනු ඇති බවට ඔහු විශ්වාසය පළ කරයි.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 ජනවාරි 2020 11:25

    Latest News