ඇමති පවිත්‍රා අපේක්ෂා රෝහලේ නිරීක්ෂණ චාරිකාවක

ජන 02, 2020

    අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඊයේ මහරගම අපේක්ෂා රෝහලේ නිරික්ෂණ චාරිකාවක නිරත විය.

    එහි සෑම අංශයක්ම නිරීක්ෂණය කළ අමාත්‍යවරිය රෝහලේ සියලු අඩුපාඩු කඩිනමින් සම්පූර්ණ කර, රෝගී සත්කාරක සේවා ඉහළ නංවන බව කියා සිටියේය. අමාත්‍යවරිය ප්‍රතිකාර ලබන ළමුන්ගේ සුවදුක් ද විමසා බැලීය.

    නව වසරේ ඔවුන්ට ත්‍යාග ලබාදීම ද අමාත්‍යවරිය අතින් සිදුවිය. අමාත්‍යාංශ ලේකම් භද්‍රාණි ජයවර්ධන, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගී විය.

    Last modified on බ්‍රහස්පතින්දා, 02 ජනවාරි 2020 09:59

    Latest News