හිටපු ජනපති නව වසරේ ජය ශ්‍රී මහ බෝ සමිඳු වැඳපුදා ගනී (වීඩියෝ)

ජන 01, 2020
  • හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (01) පෙරවරුවේ නව වසර වෙනුවෙන් ආශිර්වාද ලබා ගැනීමට ජය ශ්‍රී මහා බෝ සමිදුන් හා රුවන්වැලි සෑ රදුන් වැඳ පුදා ගෙන ආශිර්වාද ලබා ගත්තේය.

    නව වසර උදාවීමත් සමගින් අනුරාධපුරයට පැමිණි හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතාගේ නිවසට පැමිණියේය. ඒ වන විටත් අමාත්‍යවරයාගේ නිවසේ නව වසර වෙනුවෙන් පාසල් දරුවන්ට පොත් බෙදා දීම සිදු කෙරෙමින් තිබූ අතර, හිටපු ජනපතිවරයාද පාසල් දරුවන් වෙත එහිදී පොත් බෙදා දීමට එක් විය.

    අනතුරුව ජය ශ්‍රී මහා බෝ සමිඳුන් වැඳපුදා ගැනීමට ගිය හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා, පළමුව අටමස්ථානාධිපති පල්ලේගම සිරිනිවාස නා හිමියන් බැහැ දැක පිරිකර පූජා කර ආශිර්වාද ලබා ගත්තේය.

    අනතුරුව විජය ශ්‍රී ජය ශ්‍රී මහා බෝ සමිදුන් වැඳපුදා ගත් ඒ මහතා ඇතුළු පිරිස රුවන්වැලි චෛත්‍යයරාමාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නායක ස්වාමීන් වහන්සේ බැහැ දැක උන්වහන්සේට සිවුරු පිරිකර පූජා කර ආශිර්වාද ලබා ගත්හ.

    ඉන් අනතුරුව රුවන්වැලි සෑ විහාර මන්දිරය වෙත හා රුවන්වැලි සෑය වෙත මල්, පහන් පූජා කර හිටපු ජනපති තුමා ආශිර්වාද ලබා ගත්තේය.

    මෙම අවස්ථාවට තරුණ කටයුතු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා, අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති වීරකුමාර දිසානායක මහතා ඇතුළු පිරිසක් සහභාගී වූහ.

    maithree_anu-01.jpg

     

    Last modified on බදාදා, 01 ජනවාරි 2020 20:07

    Latest News