නිදහස වෙනුවෙන් පැළයක් සිටවමු

ජන 26, 2022

    එළඹෙන 74 වන ජාතික නිදහස් දින උත්සවයට සමගාමිව හැටන් පොලිස් කොට්ඨාශ බල ප්‍රදේශය තුල පැළ 25400 ක් රෝපණය කිරිමේ වැඩසටහනක් හැටන් ජෙෂ්ඨ පොලිස් අධිකාරි විජිත ද අල්විස් මහතාගේ ප්‍රධානත්වයෙන් (26) දින හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ස්ටැඩන් වත්ත ප්‍රදේශයෙන් ආරම්භ කෙරිණ.

    හැටන් පොලිස් කොට්ඨාශය තුල පිහිටි හැටන් ,  නොර්වුඩ් , බගවන්තලාව , මස්කෙලිය , නල්ලතන්නිය , වටවල , ගිනිගත්හේන , පොල්පිටිය , නෝටන්බ්‍රිජ් යන පොලිස් ස්ථාන 09 අවරණය වන පරිදි පළතුරු පැළ සහ ඉතා වටිනා පැළ මෙම වැඩසටහනට සමගාමිව රෝපණය කෙරිණ.

    වතු සමාගම් , පාසල් ළමුන් , ප්‍රජා සංවිධාන , සිවිල් ආරක්ෂක කමිටු සමාජිකයන් , ප්‍රදේශයේ ව්‍යාපාරික ප්‍රජාව එක් කර ගනිමින් පොලිස් ස්ථාන 09 බල ප්‍රදේශවල ප්‍රධාන මාර්ග වල සහ අතුරු මාර්ග වල මෙම රුක් රෝපණ වැඩසටහන දියත් කරන බවයි හැටන් ජෙෂ්ඨ පොලිස් අධිකාරි විජිත අල්විස් මහතා කියා සිටියේ.

    රෝපණය කරන ලද සැම පැළයක්ම වැඩෙන තෙක් පොලිස් නිලධාරින් විසින් අධික්ෂණය කරනු ලබන අතර , ඒ සදහා තේ වතුවල පාලන අධිකාරියෙන්ද සහය ලැබෙන බවයි ජෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කියා සිටියේ.

    02 2

    Latest News