විදේශගත ශ්‍රමිකයින්ගේ දරුවන්ට කෝටි 8ට ශිෂ්‍යත්ව

දෙසැ 31, 2019

    ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී විදේශ රැකියා සඳහා යොමුවන ශ්‍රමිකයින්ගේ දූ දරුවන් සඳහා රු.87,265,000.00 ක ශිෂ්‍යාධාර කාර්යාංශය මගින් ප්‍රදානය කර තිබේ. 2019 වර්ෂය සඳහා දිවයිනේ පළාත් 8ක දරුවන් 3489 දෙනෙකු සඳහා මෙම මුදල් ප්‍රදානය කෙරිණ.

    පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් දරුවන් 868 දෙනෙකු සඳහා රු 20,000 බැගින් රු.17,360,000.00 ක්ද, අ.පො.ස සාමාන්‍ය පෙළ සමත් දරුවන් 2183ක් සඳහා රු.25,000 බැගින් රු.54,575,000.00 ක්ද, උසස් අධ්‍යාපනය හදාරන දරුවන් 438 දෙනෙකු වෙනුවෙන් රු.35,000 බැගින් රු.15,330,000.00 ක මුදලක් කාර්යාංශය විසින් ප්‍රදානය කරන ලදී.

    කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදේශ ගතවන ශ්‍රමිකයින්ගේ අධ්‍යාපනය ලබන දරුවන් දිරිමත් කිරීමේ අරමුණෙන් 1996 වර්ෂයේදී මෙම වැඩසටහන ආරම්භ කරන ලද අතර, එතැන් සිට වාර්ෂිකව මේ දක්වා දරුවන් 44832 දෙනෙකු සඳහා රු. 897,425,000.00 ක ශිෂ්‍යාධාර කාර්යාංශය විසින් ප්‍රදානය කර තිබේ.

    Latest News