පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිතයි. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කෙටුම්පත ද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

පාර්ලිමේන්තුවේ කාරක සභා සභාපතිවරු 12 දෙනා සඳහා ලබන සදුදා වැඩමුලූ‍වක් පැවැත්වීමට නියමිතයි.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 26 දෙනෙකුගෙන් සමන්විත පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව නම් කර තිබේ.

කොවිඩ් 19 වසංගත තත්ත්වය හේතුවෙන්, නැවත දැනුම්දෙන තුර අමුත්තන් සඳහා පාර්ලිමේන්තු මහජන ගැලරිය විවෘත කිරීම තාවකාලිකව අත්හිටුවා තිබේ.

09 වන පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරුන් සඳහා දෙදින වැඩමුළුවක් අද (25) සහ හෙට (26) පැවැත්වීමට නියමිතව තිබේ.

09 වන පාර්ලිමේන්තුවට තේරීපත් වූ මන්ත්‍රීවරුන් සඳහා වැඩමුළුවක් පැවැත්වෙන බව රජය පවසයි.

පාර්ලිමේන්තුව වෙනුවෙන් සැකසුණු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාර දීම ඊයේ සිදු කෙරිණ.

අභිනව පාර්ලිමේන්තුවේ කටයුතු සෞඛ්‍යාරක්‍ෂිතව පැවැත්වීමට අදාළව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ජාවක්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද උදේ පැවැත්විණ.

කොවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් සමාජ දුරස්ථභාවයට අදාල රෙගුලාසි තවදුරටත් ක්‍රියාත්මක වුවහොත් නව වැනි පාර්ලිමේන්තුවේ කාරක සභා රැස්වීම් ඩිජිටල් තාක්ෂණය ඔස්සේ ඔන්ලයින් ක්‍රමයට සිදු කිරීමට මේ වන විට සැලසුම් කරමින් තිබේ.

ජනාධිපතිවරයා විසින් විසුරුවා හරින ලද පාර්ලිමේන්තුව, යළි කැදවන ලෙස නියෝග නිකුත් කිරීමට අධිකරණයට බලයක් නොමැති බව ජනාධිපති නීතීඥ ගාමිණී මාරපන මහතා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සඳහන් කලේය.

Latest News