පාර්ලිමේන්තුවේ කටයුතු සෞඛ්‍යාරක්‍ෂිතව පැවැත්වීමට අදාළව සාකච්ජාවක්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී

ජූලි 06, 2020

    අභිනව පාර්ලිමේන්තුවේ කටයුතු සෞඛ්‍යාරක්‍ෂිතව පැවැත්වීමට අදාළව ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ජාවක්, සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද උදේ පැවැත්විණ.

    ඒ පාර්ලිමේන්තුවෙහි දෙපාර්තමේන්තු ප්‍රධානීන්ගේ මූලිකත්වයෙන්.

    සාකච්ජාවේදී අදහස් දැක්වූ පාර්ලිමේන්තුවේ මහලේකම් ධම්මික දසනායක මහතා සඳහන් කළේ, ස්ථාවර නියෝග අනුව පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු රැස්වන ප්‍රථම දිනයේ දී නව කතානායකවරයා තෝරා පත්කර ගැනීම, නව මන්ත්‍රීවරුන් දිවුරුම්දීම සහ සියලුම මන්ත්‍රීවරුන් සභා ගර්භය තුළ සිටීම අත්‍යවශ්‍ය බවයි. අනතුරුව ඉදිරි රැස්වීම් පැවැත්විය යුතු ආකාරය මන්ත්‍රීවරුන්ට තීරණය කළ හැකි බව ඔහු සඳහන් කළේය. පළමු පාර්ලිමේන්තු රැස්වීමේ සිට සෞඛ්‍යාරක්‍ෂිතව කටයුතු කළ යුතු බැවින්, කාර්ය මණ්ඩල දැනුවත් කිරීම ඇතුළු රැස්වීම් ඔන්ලයින් ක්‍රමයට පවත්වන බව සඳහන් කෙරිණ. පාර්ලිමේන්තු පරිශ්‍රය තුළ ද අදාළ සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව කටයුතු කෙරෙනු ඇත. කොවිඩ්-19 වසංගතය පාලනයට අදාළ මාර්ගෝපදේශයට අවශ්‍ය පොත් කට්ටල පාර්ලිමේන්තුව වෙත ප්‍රදානය කිරීම ද මෙහිදී සිදු කෙරිණ.

    Latest News