20 අද පාර්ලිමේන්තුවට (වීඩියෝ)

සැප් 22, 2020
  • පාර්ලිමේන්තුව අද පෙරවරු 10.00ට ආරම්භ වීමට නියමිතයි. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳ කෙටුම්පත ද අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

    ඒ අධිකරණ අමාත්‍යවරයා විසින්. පාර්ලිමේන්තු න්‍යාය පත්‍රයේ යෝජනා අංක 5 යටතේ 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත පිළිබඳ යෝජනාව ඇතුළත් කර තිබේ. කිසියම් පාර්ශවයක් පනත් කෙටුම්පත ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කරන්නේ නම්, ඒ සඳහා හිමිවන කාලය දින 7ක්.

    ශ්‍රේෂ්ඨාධිකරණය ඒ පිළිබඳව දින 21ක් ඇතුළත සිය තීරණය ලබා දිය යුතුයි. එලෙස අභියෝග නොකරන්නේ නම්, 20 වැනි සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කර දින 7කට පසු පාර්ලිමේන්තුවේ දී දෙවැනි වර කියවීමේ විවාදය සිදුකළ හැකියි.


    මේ අතර, 9 වැනි පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ පළමු රැස්වීම අද පැවැත්වෙයි. ඒ පස්වරු 2.30ට. එහිදී කෝප් කමිටුවේ සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සිදු කෙරෙන අතර, ඉන් පසු කාරක සභාව හමුවට කැඳවන රාජ්‍ය ආයතන තීරණය කෙරෙනු ඇති. රාජ්‍ය ගිණුම් කාරක සභාවේ පළමු රැස්වීම හෙට පැවැත්වීමට නියමිතයි.

    Last modified on අඟහරුවාදා, 22 සැප්තැම්බර් 2020 20:15

    Latest News