පාර්ලිමේන්තුව වෙනුවෙන් සැකසුණු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක්..

අගෝ 01, 2020

    පාර්ලිමේන්තුව වෙනුවෙන් සැකසුණු සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාව පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත භාර දීම ඊයේ සිදු කෙරිණ.

    පාර්ලිමේන්තු මහ ලේකම් ධම්මික දසනායක මහතා වෙත එය බාරදෙනු ලැබුවේ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා විසින්.

    එම මාර්ගෝපදේශවලට අනූව සියලුම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු සභාගර්භයේ රැඳී සිටින කාලයේ දී මුව ආවරණ පැළඳ සිටීම අනිවාර්ය වෙයි.

    එමෙන්ම, සභාගර්භයේ රැඳී සිටින සියලුම නිලධාරීන් සහ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩල සාමාජිකයන් මෙන්ම, ගැලරියේ සිටින සියලුම පාර්ශවයන් ද මුව ආවරණ පැළඳ සිටිය යුතු බවයි, සෞඛ්‍ය මාර්ගෝපදේශවල සඳහන්ව ඇත්තේ.

    Last modified on සෙනසුරාදා, 01 අගෝස්තු 2020 12:00

    Latest News