පාර්ලිමේන්තු කාරක සභා සභාපතිවරුන්ට වැඩමුලුවක්

සැප් 19, 2020

    පාර්ලිමේන්තුවේ කාරක සභා සභාපතිවරු 12 දෙනා සඳහා ලබන සදුදා වැඩමුලූ‍වක් පැවැත්වීමට නියමිතයි.

    ඒ, පස්වරු 2.00ට පාර්ලිමේන්තු සංකීර්ණයේදීයි.

    9 වැනි පාර්ලිමෙන්තුවේ කාරක සභා සභාපතිවරු ලෙස ඉකුත්දා පත්කෙරුණේ සාරතී දුෂ්මන්ත, එස් වේලූ‍කුමාර්, මයන්ත දිසානායක, හර්ෂණ රාජකරුණා, රෝහිනි කුමාරි විජේරත්න, සංජීව එදිරිමාන්න, කෝකිල ගුණවර්ධන, ඉසුරු දොංගොඩ, වසන්ත යාපා බණ්ඩාර, අජිත් රාජපක්ෂ, එස් ආර් රාසමාණික්කම් සහ වීරසුමන වීරසිංහ යන පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්.

    Last modified on සෙනසුරාදා, 19 සැප්තැම්බර් 2020 08:59

    Latest News