අධික වර්ෂාව හේතුවෙන් මඩකලපුව දිස්ත්‍රික්කයේ 35756 දෙනෙකු පිඩාවට පත්ව ඇතැයි මඩකලපුව දිස්ත්‍රික්ක මහා ලේකම් මානික්කම් උදයකුමාර් මහතා පවසයි.

අධික වර්ෂාවත් සමග මහවැලි ගඟ පිටාර ගැලිමෙන් සෝමාවතිය පුදබිම් මාර්ගය ස්ථාන කිපයකින් ජලයෙන් යටවී තිබේ. 

බගවන්තලාව ප්‍රදේශයට ඇද හැලුණු අධික වර්ෂාව හේතුවෙන් කාසල්රි ජලාශයට ප්‍රධාන වශයෙන් ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔය පිටාර ගැලිමෙන් පහත් බිම් ප්‍රදේශවල පිහිටි වතු නිවාස රැසක් ජලයෙන් යට වි තිබේ.

මාතර දිස්ත්‍රික්කයට බලපා ඇති අයහපත් කාලගුණ තත්වයෙන් මතුව තිබූ ගංවතුර තත්වය මේ විට අඩුවෙමින් පවතින් බව මාතර දිස්ත්‍රික් ලේකම් ප‍්‍රදීප් රත්නායක මහතා කියා සිටියි.

අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය සියලු පියවර ගන්නා ලෙස අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ගාල්ල දිස්ත්ත්‍රික් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

අධික වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමට අවශ්‍ය සියලූ පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අදාළ අංශවලට උපදෙස් දි තිබේ.

කිරම ආරඔය මාකදුර හා රන්සෑගොඩ යන ප‍්‍රදේශ වලින් පිටාර ගැලිමෙන් කඹුරුපිටිය - මුලටියන මාර්ගය ජලයෙන් යටවි ඇත.

නිල්වලා ගඟේ සුළු ගංවතුර තත්ත්වයක් හා ගිං ගඟේ ජල මට්ටම පිටාර මට්ටමට ආසන්න වෙමින් ඇතැයි ආපධා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

මහවැලි, කැලණි, කළු, ගිං ගංගා හා අත්තනගලු ඔය අවට සිටින ජනතාව ජල මට්ටම් ඉහළ යෑම පිළිබඳ අවධානයෙන් පසුවන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය දැනුම් දෙයි.

පවතින අධික වර්ෂාව සමඟ කළු, ගිං ගංඟා ධාරා ප්‍ර දේශවල ජනතාවට, වාරිමාර්ග දෙපාර්තමේන්තුව විසින් ගංවතුර අනතුරු ඇඟවීමේ නිවේදනයක් නිකුත් කර තිබේ.

Latest News