සිඩ්නි ජනතාව අවදානම් කලාපවලින් ඉවත් කෙරේ

මාර් 22, 2021

    වසර 60කට පසු ඔස්ට්‍රේලියාවට බලපෑ දරුණුතම ජල ගැලීමේ තත්වය හමුවේ අද දිනයේ ද ගලවා ගැනීමේ කණ්ඩායම් සිය රාජකාරී ඉටු කරමින් සිටියි.

    සිඩ්නි නුවර දාහකට අධික පිරිසක් අවදානම් කලාපවලින් ඉවත් කිරීමට අද දිනයේදී කටයුතු කරන බව,බලධාරීන් ප්‍රකාශ කර ඇති බව වාර්තා වෙයි.

    පසුගිය දින තුනක් තුළ ඇදහැලුණු වර්ෂාව ‍හේතුවෙන් මෙම ජල ගැලීම් තත්වය ඇතිව තිබේ. ඔස්ට්‍රේලියාවේ වඩාත් ජනාකීර්ණ ප්‍රදේශයක් වන නිව් සවුත්වේල්ස් හි ගංගා ජලය පිටාර ගැලීමට පටන් ගැනීමත් සමග පහත් ප්‍රදේශ ජලයෙන් යටව ගියේය.

    එමෙන්ම,උතුරු වෙරළ තීරයේ ප්‍රදේශ රැසක්ම ජලයෙන් යටවී පවතියි. සිඩ්නි නුවර බටහිර ප්‍රදේශයන් ද අද වන විට ජලයෙන් යටවීම හේතුකොට ගලවා ගැනීමේ කණ්ඩායම් එම ප්‍රදේශවල ජනතාව ගලවා ගනිමින් සිටින බව වාර්තා වෙයි.

    ප්‍රධාන මහාමාර්ග රැසක් මේ වන විට ජලයෙන් යට වීම හේතුවෙන් ගමනාගමන කටයුතු අඩාල වී තිබේ.

    Last modified on සදුදා, 22 මාර්තු 2021 09:58

    Latest News