ඊශ්රායල් හමාස් යුද ගැටුම් හේතුවෙන් ගෝලීය බොරතෙල් මිල ඉහළ යාමේ අවදානමක් ද මේ වන විට මතුව ඇති බවයි, විදෙස් මාධ්ය සඳහන් කරන්නේ. ගෝලීය ආර්ථික සංවර්ධනයට ද බරපතල ලෙස බලපෑම් එල්ල වෙමින් පවතින බවයි, ලෝක බැංකුව ප්රකාශ කරන්නේ.

බොරතෙල් මෙට්‍රික් ටොන් 100,000ක් රැගත් නෞකාවක් අද (13) රාත්‍රි කොළඹ වරායට පැමිණීමට නියමිත බව අමාත්‍ය කංචන විජේසේකර මහතා ‍ පවසනවා.

තවත් බොරතෙල් සහ දැවි තෙල් තොගයක් සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 34ක් ගෙවා ඇති බව අමාත්‍ය කංචන විජේසේකර මහතා  ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් පවසයි. 

ලෝක වෙළෙඳපොලේ බොර තෙල් මිල යළිත් ඉහළ ගොස් තිබේ. බ්‍රෙන්ට් වර්ගයේ බොර තෙල් බැරලයක මිල අමෙරිකානු ඩොලර් 120ක් ලෙස ඊයේ සටහන් විය.

මෙරට මුහුදේ නැංගුරම් ලා ඇති බොර තෙල් නැවේ තොග ගොඩබෑම අද (27) ආරම්භ කරන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසයි. ඒ සඳහා ගෙවීම් සිදු කළ බවයි, එම සංස්ථාවේ සභාපති සුමිත් විජේසිංහ ප්‍රකාශ කළේ.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව සඳහා අවශ්‍ය බොර තෙල් සපයා ගැනීම සඳහා අමාත්‍ය උදය ගම්මන්පිල විසින් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

Latest News