හිටපු ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී ආචාර්ය අයි. එච්. මහනාම සහ රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපති පියදාස දිසානායක යන අයට එරෙහිව විමර්ශන අවසන් කර චෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බව අල්ලස් කොමිසම කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

මහ බැංකු බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් ඇතුළු විත්තිකරුවන් දස දෙනෙකුට එරෙහිව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ නඩු පැවරීමට නීතිපති විසින් අගවිනිසුරුගෙන් අවසර ඉල්ලා තිබේ.

බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥාණසාර හිමියන්ට එරෙහිව පනවා තිබෙන විදෙස් ගමන් තහනම ලබන අගෝස්තු මස 23 වැනිදා දක්වා ඉවත් කිරීමට කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කළේය.

ජනාධිපතිවරයා විසින් පවතින නීතිරීති හා ආණ්ඩුකම ව්‍යවස්ථාව උල්ලංඝනය කරමින් තමන් අනිවාර්ය නිවාඩු යැවීමට ගත් තීරණය නීතිවිරෝධී යැයි ප්‍රකාශ කරන මෙන් ඉල්ලා පොලිස්පති පූජිත් ජයසුන්දර මහතා විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සම සලකා බැලීම මේ මස 24 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.

අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා කරමින් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති වෛද්‍ය අනුරුද්ධ පාදෙණිය මහතාට එරෙහිව ඉදිරිපත්කර තිබෙන පැමිණිල්ල විභාග කිරීම සඳහා පත් කළ විනිසුරු මඩුල්ලේ එක් විනිසුරුවරයකු අද ඉවත් විය.

මහසොන් බළකායේ ප්‍රධානී අමිත් වීරසිංහ ලක්ෂ 10 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලනි පෙරේරා මහත්මිය අද (4) නියෝග කළාය.

ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයට අයත් රුපියල් ලක්ෂ 39ක මුදලක් සාවද්‍ය පරිහරණය කළේ යැයි චෝදනා ලැබ සිටින ඒකාබද්ධ විපක්ෂය පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතාට අධිකරණය මගින් පණවා තිබූ විදේශ ගමන් තහනම ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය නියම කළේය.

මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදීම සම්බන්ධයෙන් අමාත්‍ය රවී කරුණානායක මහතාට එරෙහිව ඉදිරියේදී චෝදනා ගොනු කිරීමට අපේක්ෂා කරන බව නීතිපති දෙපාර්තමේන්තුව අද කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයට දන්වා සිටියේය.

මිනුවන්ගොඩ ප්‍රදේශයේ කළහකාරී ලෙස හැසිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් 15 දෙනෙකු මුදා හැරීමට මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය අද නියෝග කළේය.

කෝට්ටෙ මහනගර සභාවේ හිටපු නගරාධිපති ජනක රණවක මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා ගොනුකර තිබෙන නඩුව ජුලි 03 විත්තියේ විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය.

Latest News