කොම්පඥ්ඥවීදිය ඝාතනයේ සැකකරුවන් යළි රිමාන්ඩ්

අගෝ 19, 2019

    කොම්පඥ්ඥ වීදියේ වයස අවුරුදු 47ක රූපලාවන්‍යාගාරයක හිමිකරුවා ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට අරගත් පස්දෙනා තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද නියෝග කළේය.

    ඒ හදුනා ගැනීමේ පෙරට්ටුවට සඳහා සැකකරුවන් බන්ධනාගාර නිලධාරීන් විසින් අධිකරණයට ඉදිරිපත් කල අවස්ථාවේදී. ලබන 2 වැනිදා දක්වා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණු අතර එදින හඳුනා ගැනීමේ පෙරට්ටුවට ඔවුන් ඉදිරිපත් කිරීමටද නියෝග කෙරිණ.

    පසුගිය 12වැනිදා අලුයුම කාන්තාවක් සමග කොම්පඥ්ඥ වීදියේ තමන්ගේ රූපලාවන්‍යාගාරයට පැමිණි අවස්ථාවේ තරුණයන් පිරිසක් විසින් ඔවුන්ට උසුල විසුලු කර තිබේ. එම අවස්ථාවේ දෙපිරිස් අතර ඇතිවූ ගැටුමෙන් තරුණයන් විසින් පහර දීමෙන් 47 හැවිරිදි එම පුද්ගලයා මරණයට පත්ව ඇති බව පොලිසිය අධිකරණයට දන්වා තිබේ. අත්අඩංගුවට පත්ව සිටින්නේ වයස අවුරුදු 17-24 අතර වයසක අය බවයි වාර්තා වන්නේ.

    Last modified on සදුදා, 19 අගෝස්තු 2019 12:38

    Latest News