ආනමාලු රංග ඝාතනය සැකකරුවන් අද අධිකරණයට

අගෝ 16, 2019

    පාතාල සාමාජික සම්පත් නිරෝෂන් හෙවත් ආනමලු රංග හා මොහොමඩ් ඉම්රාන් නමැත්තා මාදම්පිටිය පොදු සුසාන භූමියේ දී ඝාතනයට සම්බන්ධ සැකකරුවන් 3ක් ඊයේ(15) සවස 4.00ට පමණ අත්අඩංගුවට ගෙන තිබේ.

    පොලිස් විශේෂ කාර්ය බලකා නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් සැකකරුවන් මේ වන විට මට්ටක්කුලිය පොලිස් ස්ථානය වෙත භාරදී තිබේ. ඝාතනය සදහා පැමිණි පුද්ගලයින් බවට සැකකරන ලබන ත්‍රීරෝද රථයක් මාදම්පිටිය කනත්ත තුළ තිබී සොයාගෙන ඇති අතර ඒ අනූව විමර්ශන කිරීමේ දී එම ත්‍රීරෝද රථය මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචි දැනට බන්ධනාගාර ගතව සිටින ඩබ්.ඒ.නිරෝෂනී (කුඩු රොෂාන්ගේ බිරිඳ)ගේ බවට අනාවරණය වී තිබේ.

    ඒ අනූව, මට්ටක්කුලිය ප්‍රදේශයේ පිහිටි ඇගේ නිවස පරීක්ෂා කිරීමේ දී කඩු දෙකක් සොයා ගැනීමට හැකි ව තිබේ. තවදුරටත් නිවස අවට පරීක්ෂා කිරීමේ දී මෙම සැකකරුව්න තිදෙනා අත්අඩංගුවට ගැනිණ.

    ඒ අනූව 19 හැවිරිදි මොහාමඩ් රම්ලාන්, 18 හැවිරිදි සුදෙස් අසංක, 34 හැවිදිරි කෝලිත ද සිල්වා යන අය අත්අඩංගුවට ගැනුණ අතර මොවුන් අද දින කොටුව, අලුත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

    Last modified on සිකුරාදා, 16 අගෝස්තු 2019 10:42

    Latest News