ලොව පුරා දියවැඩියාවට ඉහළයාමේ ප්‍රවනතාවයක්

නොවැ 18, 2019

    ලොව පුරා දියවැඩියාව ඉහළ යමින් පවතින බව, වාර්තාවක් පෙන්වා දෙයි.

    සෑම වැඩිහිටියන් එකොළොස් දෙනෙක්ගෙන් එක් අයෙකුට දියවැඩියාව වැළදී ඇති බවයි, එම වාර්තාවෙන් පෙන්වා දෙන්නේ. දියවැඩියාව ලොව වඩාත්ම වේගයෙන් ව්‍යාප්තවන නිදන්ගත රෝගවලින් එකක් බවටත් පත්ව තිබේ.

    මේ වන විට මිලියන 463ක පිරිසක් දියවැඩියා රෝගයෙන් පීඩා විඳින බවයි එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ. ලෝක ජනගහණයෙන් 9.3%කට දියවැඩියාව වැළඳී තිබෙන බව, අන්තර්ජාතික දියවැඩියා සම්මේලනය විසින් නිකුත් කරන ලද එම වාර්තාවේ ඇතුළත් වෙයි. වසර 2030 වන විට ලොවපුරා දියවැඩියා රෝගීන් සංඛ්‍යාව මිලියන 578 දක්වා ඉහළ යාමේ අවධානමක් පවතින බවයි, එම වාර්තාවේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

     

     

    Last modified on සදුදා, 18 නොවැම්බර් 2019 10:42

    Latest News