ලෝක දියවැඩියා දිනය අදයි

නොවැ 14, 2022

    මෙරට වැඩකරන ජනතාවගෙන් සියයට 30ක් 2030 වසර වන විට දියවැඩි‍යා රෝගයට ගොදුරුවීමේ අවධානමක් පවතින බව, විශේෂඥ වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

    අදට යෙදුණු ලෝක දියවැඩියා දිනය නිමිත්තෙන් පැවති වැඩසටහනකදී මේ බව අවධාරණය කෙරුණා.

    ජාතික අක්ෂි රෝහල් ශ්‍රවණාගාරයේදී මෙම වැඩසටහන පැවැත්වුණා. දියවැඩියා රෝගය අක්ෂි සම්බන්ධයෙන් සිදුකරන බලපෑම පිළිබඳව මෙහිදී දැනුවත් කෙරුණා.  

    දියවැඩියාව සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම සඳහා ‍නව වෙබ් අඩවියක් හඳුන්වාදීම ද මෙහිදී සිදු කෙරුණා.

    Latest News