දියවැඩියා මාරයා රටම ගිලගනියිද ? 

අප්‍රේ 25, 2023

    මෙරට දියවැඩියාව වැලැඳුනු සහ වැලැඳීමේ අවදානම ඇති පිරිස මුළු ජනගහනයෙන් 50% කට අධික බව, ශ්‍රී ලංකා දියවැඩියා සංගමයේ සභාපති විශේෂඥ වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා පෙන්වා දෙනවා.

    මෙය පාලනය කර ගත යුතු බවත් ‍නැතහොත්, රටක් ලෙස විශාල සෞඛ්‍ය ගැටලුවකට මුහුණ දීමට සිදු වන බවත්, වෛද්‍ය මනිල්ක සුමනතිලක මහතා අවධාරණය කරනවා.  පසුගිය සමයේ කළ පරීක්ෂණ වාර්තාවක නිකුත්ව ඇති ප්‍රතිඵල අනුව, මෙරට අවුරුදු 18 ට වැඩි ජනගහනයේ දියවැඩියා ප්‍රතිශතය 23% ක් දක්වා වැඩි වී තිබෙනවා.

    සෑම 5 දෙනෙකුගෙන් එක් අයෙකුට දියවැඩියාව පවතිනවා. කොළඹ දිස්ත්‍රික්කය තුළ 33% කට වැඩි ප්‍රමාණයකට දියවැඩියාව පවතින අතර, එය, සෑම තුන් දෙනෙකුගෙන්ම එක් අයෙකුට ලෙස දැක් විය හැකියි. පූර්ව දියවැඩියා තත්වයට අදාළ පිරිස සියයට 30 ක්.  

    වෛද්‍යවරුන් පවසන්නේ. අධික පිපාසය, මුත්‍රා වැඩිපුර පිට වීම, අසාමාන්‍ය ලෙස ඇග කෙට්ටුවීම, අතපය හිරි ගතිය, පෙනීම බොඳවීම, සුව නොවන තුවාල, මුත්‍රා ආසාදන වැනි, රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් ඇත්නම්, දියවැඩියාව පිළිබඳ රුධිර පරීක්ෂාවක් කර ගත යුතු බවයි. ජනතාව, තම ගතිපැවතුම් මෙන්ම, ආහාර පාන කෙරෙහි ද විශේෂ සැලකිල්ලකින් කටයුතු කළ යුතු බව වෛද්‍ය නිර්දේශයයි.

    Latest News