මෙවර කුළුදුල් ඡන්ද 947,606 ක් - මෙය තීරණාත්මක වේද?........

නොවැ 15, 2019

    මෙවර ජනාධිපතිවරණයේදී 947,606ක් සිය පළමු ඡන්දය භාවිත කිරීමට සුදුසුකම් ලබා තිබේ.

    ජනාධිපතිවරණය සඳහා 2018 ඡන්ද හිමි නාමලේඛනය භාවිත කරන අතර, ඒ අනුව ලියාපදිංචි ඡන්ද හිමියන්ගේ සංඛ්‍යාව 15,992,096කි.

    2015 වර්ෂයේ සිට 2018 වර්ෂය දක්වා ඡන්ද 947,606 සංඛ්‍යාවක් අලුතින් ලියාපදිංචි වී ඇත.

    ඒ අනුව 2015 වසරින් පසුව මෙවර (2019) පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා පළමු වරට ඡන්දය භාවිත කරන නව ඡන්දදායකයන් 947,606ක් එකතු වී ඇති බව වාර්තා වේ.

    ඒ අනුව,  2015 වසරේ දී ඡන්ද 376,715 ක්

                 2016 දී ඡන්ද 190,765 ක්

                 2017 දී ඡන්ද 148,897 ක්

                 2018 වසරේ දී ඡන්ද 231,229 ක් අලුතින් එකතු වී තිබේ.

    Latest News