වසර 30ක වෑයමින් මකුළු මැට්ටෙන් හැදූ අවුරුදු ලිප (වීඩියෝ)

අප්‍රේ 13, 2019
  • අලුත් අවුරුද්දේ නැකත් අතර විශේෂ ස්ථානයක් ගන්නේ, ආහාර පිසීමයි.

    ආහාර පිසීම චාරිත්‍රානුකූලව සිදු කරන අතර, ඒ සඳහා ගෘහණියන් ආගමික වතාවත් ඉටු කිරීමෙන් අනතුරුව, සූදානම් වනවා. මේ සූදානම ඊට සම්බන්ධ තවත් විශේෂත්වයක් දක්වන අවස්ථාවක්. තලාතුඔය, මොරගොල්ල ප්‍රදේශයේ ගෘහණියක වූ සුරංගා රණසිංහ මහත්මියගේ නිවසයි මේ. ඇය, ලිප ගිනි මෙලවීම සඳහා විශේෂයෙන් සකස් කළ ලිපක්, වසර 30ක කාලයක සිට නිර්මාණය කරනවා.

    ඒ සඳහා යොදා ගන්නා සුවිශේෂී මැටි වර්ගයක් මොරගොල්ල ප්‍රදේශයේ තිබෙනවා. එම ප්‍රදේශයේ වැඩි වශයෙන් ජීවත් වන්නේ වතු ජනතාවයි. ඔවුන් ලවා ගෙන්වා ගන්නා මෙම මැටි විශේෂය හඳුන්වන්නේ මකුළු වැටි යනුවෙන්. එය පිරිසිදු සුදු පැහැයෙන් යුක්තයි. ලිප නිර්මාණය කිරීමෙන් පසු දිස්වන්නේ, ධවල වර්ණයෙන්.

    මැටිවල විශේෂත්වය හේතුවෙන් සුදුපැහැ ගැන්වීමට කෘත්‍රීම හෝ අලුහුණු වැනි ස්වභාවික වර්ණ සංයෝග යොදා ගැනීමට කෘත්‍රීම හො අලුහුණු වැනි ස්වභාවික වර්ණ යොදා ගැනීමට අවශ්‍ය වන්නේ නැහැ. නව වසරේ ලිප ගිනි මෙලවීමේ චාරිත්‍රය සඳහාම සකස් කරන මෙම ලිප නිර්මාණශීලී අදහසක් බවයි, ගුරුවරියක වූ සුරංගා රණසිංහ මහත්මිය පවසන්නේ.

    Last modified on සෙනසුරාදා, 13 අප්‍රේල් 2019 14:11

    Latest News