අද තිබු නැකැතට නැදුම්ගමුවේ රාජාත් තෙල් ගානී

අප්‍රේ 17, 2019

    නැදුන්ගමුවේ රාජා හස්තියාට දීර්ඝායුෂ පතමින්, අද (17) පෙරවරුවේ 7.40 ට එළැඹුනු ශුභ නැකතින් හිස තෙල් ගෑම සිදුකෙරිණ.

    ඒ නැදුන්ගමුවේ හස්තියාගේ හිමිකාරීත්වය දරන නැදුන්ගමුවේ හර්ෂ ධර්මවිජය මහතා විසින්. අනතුරුව ඇත් රජුට කැවුම් කිරිබත් හා කෙසෙල් ගෙඩි වලින් ද සංග්‍රහයක් සිදු කළේය.

    මෙම අවස්ථාව දැක බලා ගැනීමට අද උදෑසන සිටම ප්‍රදේශවාසිහු එම නිවස වෙත පැමිණ සිටි බව අප වාර්තාකරු පැවසීය.

    මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ අවසන් රන්දෝලි පෙරහැරේ දි දළදා කරණ්ඩුව වැඩම කරවීම සිදුකෙරේනුයේ නැදුන්ගමුවේ රාජා හස්තියා විසිනි. නැදුන්ගමුවේ රාජා හස්තියා ලංකා වාසීන්⁣ගේ ගෞරවයටත් ආදරයටත් පාත්‍රවි තිබේ.

    rajaelephant1 px 900 19 04

    Latest News