ජනපති නිවසේ සිට අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරයි

අප්‍රේ 14, 2021

    සමස්ත ශ්‍රී ලංකාවාසී ජනතාව සමග එක්ව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා මිරිහානේ පිහිටි සිය නිවසේ සිට අලුත් අවුරුදු චාරිත්‍ර ඉටු කරයි.

    ජනාධිපතිතුමා, අයෝමා රාජපක්ෂ මැතිණිය සහ පවුලේ සාමාජිකයෝ චිරාගත සිරිතට අනුව චාරිත්‍ර ඉටු කරමින් අලුත් අවුරුදු උදාව සැමරූහ.

    ජනාධිපතිතුමා සහ අයෝමා රාජපක්ෂ මැතිණිය වැඩ ඇල්ලීමේ නැකතට සිය නිවස පරිශ්‍රයේ පැළයක් රෝපණය කළහ.

    HE-awuru.jpg

     

    Last modified on බ්‍රහස්පතින්දා, 15 අප්‍රේල් 2021 12:10

    Latest News