හිසතෙල් ගෑමේ චාරිත්‍රය හෙට (17) පූර්ව භාග 7.16ට

අප්‍රේ 16, 2021

    සිංහල, දෙමළ අලුත් අවුරුද්දේ හිසතෙල් ගෑමේ චාරිත්‍රය හෙට (17) යෙදී තිබේ. ඒ, පූර්ව භාග 7.16ට.

    නිල් පැහැති වස්ත්‍රාභරණයෙන් සැරසී හිසට නුගපත් ද පයට කරඳ පත් ද තබා නුගපත් මිශ්‍ර නානු ද තෙල් ද ගා දකුණු දිශාව බලා ස්ථානය මැනවැයි නැකත් සිට්ටුවේ සඳහන්. හිසතෙල් ගෑමේ රාජ්‍ය උත්සවය හෙට උදේ පැවැත්වෙන්නේ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන පරිශ්‍රයේදී.

    ජාතික රූපවාහිනිය ඔස්සේ එය සජිව ලෙස විකාශය කෙරේ.

    උත්සවය සංවිධාන කරන්නේ, දේශීය වෛද්‍ය අමාත්‍යාංශයට අයත් ආයුර්වේද දෙපාර්තමේන්තුවයි.

    Last modified on සෙනසුරාදා, 17 අප්‍රේල් 2021 07:14

    Latest News