හත අට වන පැය 24

නොවැ 14, 2022

    එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශ කර ඇත්තේ නොවැම්බර් 15 වනදා ලෝක ජනගහනය බිලියන 8 ඉක්මවා යනු ඇති බවයි.

    තවත් පැය 24කට අඩු කාලයක් තුළදී ගෝලීය ජනගහනය කෝටි 800 ඉක්මවා යනවා. මේවන විට එම අගය 7,999,861,873 ක්. මේ තුළින් සංකේතවත් වන්නේ නව සමාජ, ආර්ථික හා දේශපාලනික අභියෝග රැසක සංකලනයක්.

    චීනය ලොව වැඩිම ජනතාවක් ජීවත් වන රටයි. බිලියන 1.42 ක ජනගහනයක් චීනයේ ජීවත් වනවා. ඉන්දියාවේ එම අගය බිලියන 1.41ක්.

    එක්සත් ජාතීන්ගේ නවතම ප්‍රක්ෂේපන අනුව 2030 දී ලෝක ජනගහනය බිලියන 8.5 දක්වා සහ 2050 දී බිලියන 9.7 දක්වා වර්ධනය විය හැකි බව පුරෝකථනය කර ඇත.

    Latest News