ඉන්දියාව චීනය අභිබවා යයිද ? 

අප්‍රේ 19, 2023

    ඉන්දියාව මේ වසරේ මැද භාගය වන විට චීනය අබිබවා ලොව වැඩිම ජනගහණයක් සහිත රට බවට පත්වනු ඇතැයි, එක්සත් ජාතින්ගේ සංවිධානය පුරෝකථනය කරනවා.

    ඒ වන විට, ඉන්දීය ජනගහණය මිලියන 1,428 ඉක්මවනු ඇති බව, එක්සත් ජාතීන්ගේ සංවිධානය නිකුත් කළ දත්ත වාර්තාවල සඳහන්.  ‍‍තවමත් ලොව වැඩිම ජනගහණයක් සිටින රට චීනයයි. එය, මිලියන 1,425 ක්. මේ වසර තුළ ඉන්දීය ජනගහණය, චීනයට වඩා මිලියන 2.9 කින් ඉහළ යනු ඇති බවටයි, එක්සත් ජාතින්ගේ සංවිධානය පුරෝකථනය කර ඇත්තේ. මෙම ආසියානු රටවල් ද්විත්වයේ සමස්ත ජනගහණය ගෝලීය ජනගහණයෙන් තුනෙන් එකක් පමණ වනවා.

    එක් දරු ප්‍රතිපත්තිය ඇතුළු කරුණු කිහිපයක් හේතුවෙන් චීන ජනගහණය ඉකුත් වසර කිහිපයේ කැපී‍පෙනෙන අඩුවීමක් පෙන්නුම් කළා. එරට රජය එම තත්වය පාලනය කිරීමට විවිධ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කළද, එය එතරම් සාර්ථක වී නැහැ. කෙසේ වුවද, දිනෙන් දින ඉන්දීය ජනගහණය වැඩිවී ඇති අතර, ඇතැම් අවස්ථාවල රට තුළ නි‍වැරදි සංගණන සිදු කර නොමැති බවද, වාර්තා වනවා.

    Latest News