අමෙරිකාවේ ජනගහන වර්ධන වේගයේ පහළ යාමක්

දෙසැ 22, 2021

    අමෙරිකාවේ ජනගහන වර්ධන වේගය මේ වසර තුළ වාර්තා ගත පහළ යාමක් පෙන්නුම් කර තිබේ.

    එරට සංගණන කාර්යාංශය ඉදිරිපත් කළ වාර්තාවකින් පෙනී යන්නේ, වර්ෂ 1900ට පසු අමෙරිකාවෙන් වාර්තා වූ මන්දගාමීම ජනගහන වර්ධන වේගය මෙය බවයි.

    කොරෝනා වසංගත සමයේ රට වසා තැබීම නිසා ආර්ථිකයට සිදුවූ බලපෑම සහ සංක්‍රමණවල කැපී පෙනෙන අඩුවීම නව උපත් අනුපාත පහළ යාමට හේතු බවයි,වාර්තා වන්නේ.

    ඒ අනූව මේ වසර තුළ එරට ජනගහනය වැඩි වී ඇත්තේ තුන් ලක්ෂ 93,000කින් පමණ. ප්‍රතිශතයක් ලෙස එට 0.1ක් වැනි අතිශය අවම අගයක්. මින් පෙර ඉන්ෆ්ලුවෙන්සා වසංගත සමයේ පළමු ලෝක යුධ සමයේ සහ 1930 මහා අවපාතය සිදුවූ සමයේ මෙලෙස එරට ජනගහන වර්ධනය අඩු අගයක් කරා ගමන් කළ බව විදෙස් වාර්තාවල සඳහන්.

    වසංගත සමය තුළ බොහෝ අමෙරිකානුවන් විරැකියාවට පත් වීම නිසා බොහෝ ආර්ථික දුෂ්කරතාවන්ට මුහුණ දීමට සිදුව තිබේ. එවන් හේතු රැසක් ජනගහන වර්ධන වේගය අඩු වීමට බලපා ඇති බවයි විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ.

    Last modified on බදාදා, 22 දෙසැම්බර් 2021 11:47

    Latest News