දුමට බද්දක්

නොවැ 12, 2022

    රජයේ ආදායම් ඉහළ නැංවීම සඳහා දුම්කොළ බදු වැඩි කිරීමට රටේ ජනතාවගෙන් බහුතරයක් කැමැත්ත පළ කර ඇති බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පෙන්වා දෙනවා.

    එය ප්‍රතිශතයක් ලෙස 89යි දශම තුනක්. පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේ දී සිදු කෙරුණු මහජන  මත විමසුමේදී හෙළි වු බවයි, ඊයේ පැවති සම්මන්ත්‍රණයකදි පෙන්වා දුන්නේ.

    පාසල් දරුවන්, යෞවන වයසේ ගැහැණු සහ පිරිමි  දරුවන් දුම්වැටි භාවිතයට ඇබ්බැහිවි‍මේ වැඩි ප්‍රවණතාවක් ඇති බව එම ආයතනය පෙන්වා දෙනවා. දුම්වැටි භාවිතය නිසා දරිද්‍රතාව වැඩවීම, ශරීර සෞඛ්‍ය බිඳ වැටීම, දිළිදු බවට පත්වීමට ප්‍රධාන හේතුවක් බවයි, ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ.

    හෘදය ආශීත රෝගාබාධ වැඩි ප්‍රමාණයකට හේතු වන්නේ, දුම්කොළ සහ මද්‍යසාර භාවිතයයි. අධික මානසික පීඩනය, ආමාශය, අක්මාව, උගුර, ඇස සහ මොළය ආශ්‍රීත රෝගාබාද රැසකටද දුම්කොළ සහ මද්‍යසාර හේතුවන බවයි, සෞඛ්‍ය අංශ පෙන්වා දෙන්නේ. ‍ඒ සඳහා වූ ප්‍රතිකාර සඳහා සෞඛ්‍ය අංශ වලට විශාල ධනයක් වැය කිරීමට සිදුව තිබෙනවා.

    එසේ තිබියදී  මෙරට ආර්ථික ප්‍රතිපත්ති සම්පාදකයන් දුම් කොළ සමාගම සඳහා ලිහිල් බදු ප්‍රතිපත්තියක් අනුගමනය කරන බව මද්‍යසාර හා මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය පෙන්වා දෙනවා‍

    Last modified on සෙනසුරාදා, 12 නොවැම්බර් 2022 18:07

    Latest News