ක්‍රයිස්චර්ච් අඳුරු දිනයේ කඳුළු කතාව gettyimages

ක්‍රයිස්චර්ච් අඳුරු දිනයේ කඳුළු කතාව

මාර් 16, 2019

    ක්‍රයිස්ට්චර්ච් හි මුස්ලිම් දේවස්ථානයකට ඊයේ (15) එල්ල වූ ප්‍රහාරය, මේ වන විට නවසීලන්තය තුළ දැඩි කම්පනයක් ඇති කිරීමට සමත්ව තිබේ.

    එම සිද්ධියට ගොදුරු වූ පිරිසගේ ඥාතීන් සහ මිතුරන් තම පිළිබඳව තොරතුරු සොයා සමාජ ජාල තුළ ඡායාරූප හුවමාරු කරගනු පසුගිය දිනයපුරා දැකගත හැකි විය. නැවත කවදාවත් හමුනොවන ඇතැම් හිත මිතුරන් සිහි කරමින් කණගාටුව ප්‍රකාශ කරනු ඉතා සංවේදී සිදුවීමක් විය.

    nabi

    ඩඋඩ් නබි

    ඉන් එක් අයෙක් 71 වන වියේ පසුවූ ඩඋඩ් නබි. දරුවන් 5 දෙනෙකුගේ පියෙක් වන ඔහු ඉතා කාරුණික අයෙක් ලෙස ඔහුගේ මිතුරන් ඔහුව හඳුන්වා තිබේ. නවසීලන්තයට සරණාගතයින් ලෙස පැමිණෙන බොහෝ දෙනෙකුට ඔහු උදව් කරමින් ජීවිතය ගොඩ නගා ගැනීමට උදව් කළ කාරුණික අයෙක්. ඔහු සිකුරාදා මිය ගියේත් තම සිරුරින් තවත් අයෙකු අවරණය කිරීමට යාමෙන් යැයි ඔහුගේ පුත් ඕමාර් නබි මාධ්‍යයට පවසා ඇත.

    kalifa

    ඛලීඩ් මුස්තාෆා

    මේ සිද්ධියෙන් මියගිය සිරියානු සරණාගතයෙක් වන ඛලීඩ් මුස්තාෆා ගිය වසරේ තම දරුවන් තිදෙනා සහ බිරිඳ සමග නවසීලන්තයට පැමිණ තිබේ. ඔහුගේ පුතුන් දෙදෙනෙක් පැය 6ක ශල්‍යකර්මයකින් පසු තවමත් ක්‍රයිස්ට්ච්ර්ච් රෝහලේ රැඳීසිටී. අනෙක් දරුවා තවමත් අතුරුදන්ව ඇත.

    හෙබා සමි පවසන්නේ තම පියා තමාගේ නිවුන් සහෝදරයා බේරාගැනීමට යාමේදී පිටට වෙඩි වැදුනු බවයි. 52 හැවිරිදි ඔහුගේ පියා තවමත් අසාධ්‍ය තත්වයේ මරුවා සමඟ සටන් කරමින් සිටින බව ඔහු පවසයි.

    මේ අතර නවසීලන්ත රතු කුරුස සංවිධානය අතුරුදන්වූවන් පිළිබඳ තොරතුරු ඇතුලත් වෙබ් අඩෙවියක්ද ආරම්භ කර ඇත.

    සිකුරාදා සිදුවූ ක්‍රයිස්ට්චර්ච් වෙඩිතැබීම පසු නවසීලන්ත අවි ආයුධ සම්බන්ධ නීති වෙනස් විය යුතු බව නවසීන්ත අගමැතිනිය පවසා සිටියි. "ප්‍රහාරයට භාවිත කළ තුවක්කු ඔහුට ආවේනික ආකාරයකට වෙනස් කර තිබුනා. ඔහුගේ අදහස වී තිබුනේ ප්‍රහාරය තවදුරටත් පවත්වාගෙන යාමටයි" යැයි අගමැතිතුමිය පවසයි. නවසීලන්ත නීතිපතිවරයා පවසා සිටින්නේ අර්ධ ස්වයංක්‍රීය ගිනිඅවි තහනම් කළ යුතු බවයි නමුත් ඒ පිළිබඳ අවසන් තීරණයක් මෙතෙක් ගෙන නොමැත.

    nzs2 a1

    සෙනසුරාදා දිනය පුරා ක්‍රයිස්ට්චර්ච් හි ජනතාව මෙම වෛරී සහගත ක්‍රියාව හෙළා දැකීමට ක්‍රියා කර තිබේ. පවුල්පිටින් පැමිණ එම සිදුවීමෙන් මිය ගිය අය සිහිකරමින් මෙම සිදුවීමට අදාළ දේවස්ථාන දෙක අසළ මල් පොකුරු සහ ක්‍රියාව හෙළා දකිමින් අතින් ලියූ වැකි සහිත පත්‍රිකා දමා ගොස් තිබේ.

    ඉන් එකකින් "මේ නවසීලන්තය නොවෙයි" යනුවෙන් සඳහන් විය.

    nzs2 a3

    nzs2 a2

    nzs2 a6

    nzs2 a7

    මේ අතර, මාස ගණනක් තිස්සේ මෙම ප්‍රහාරය සැලසුම් කර ඇති මේ ප්‍රහාරකයා ගිනිඅවි බලපත්‍ර ලබා ගෙන ගිනි අවි තොගයක් මිල දී ගෙන ඇත. මේ වන විට ඒ පිළබඳ බලධාරීන්ගේ හෝ ආරක්ෂක අංශවල අවධානය ලක් නොවීම පිළිබඳ ගැටළු රැසක් මතුව තිබේ.

    nzs2 brent

    චෝදනාවට ලක්ව සිටින බ්‍රෙන්ටන් ටැරන්ට් අද (16) ක්‍රයිස්ට්චර්ච් දිසා අධිකරණයට ඉදිරපත් කරනු ලැබිණි. ඔහු නඩුව පැවැත්වෙන අවස්ථාවේ නිශ්ශබ්දව එහි රැඳී සිට ඇති අතර ඔහුව ඇප රහිතව රක්ෂත බන්ධානාගාර ගත කර තිබේ. මෙම නඩුව අප්‍රේල් 5වන දා විභාග කිරීමට අධිකරණය විසින් නියෝග කර ඇත.

    Last modified on සෙනසුරාදා, 16 මාර්තු 2019 18:43

    Latest News