මින්නේරිය වැව් පිටිය අලීන්ගෙන් පිරී යයි

මාර් 14, 2019

    මින්නේරිය වැව් පිටිය ඇතුලු ජාතික උද්‍යානය ආශ්‍රිතව මේ දිනවල වන අලි විශාල සංඛ්‍යාවක් දක්නට ලැබෙන බව අප වාර්තාකරු පවසයි.

    දිනකට වන අලීන් 350කට අධික සංඛ්‍යාවක් වනෝද්‍යානයේ සැරිසරයි. එබැවින් දෛනිකව ඇතුළුවන ජීප් රථ සංඛ්‍යාව 300කට අධිකයි. දෛනිකව ලැබෙන ආදායම රුපියල් ලක්‍ෂ 35ක් පමණ වේ. ජීප් රථ රියැදුරන් මෙන්ම, සංචාරකයන් වනෝද්‍යානයේ නීති-රීතිවලට අනුව ක්‍රියා කළ යුතු බව එහි බාරකරු වසන්ත මඩුගල්ල මහතා පවසයි.

    මේ අතර මින්නේරිය ජාතික වනෝද්‍යානයේ සැරිසරමින් සිටි වෙඩි වැඳුනු වන අලියෙකුට ප්‍රතිකාර කෙරිණ. වයස අවුරුදු 9ක් පමණ වන අලියාගේ ශරීරයට වෙඩි ප්‍රහාර දෙකක් එල්ල වී තිබේ. වනජීවි නිලධාරීන් පවසන්නේ ඉකුත් සති දෙක ඇතුලත විවිධ හේතූන් මත වන අලීන් 5 දෙනෙකු පමණ මියගොස් ඇති බවයි.

    Last modified on සෙනසුරාදා, 23 මාර්තු 2019 18:56

    Latest News