ක්‍රයිස්චර්ච් වින්ඳිතයන් සිහි කෙරේ

මාර් 22, 2019

    වෙඩිතැබීම සිදුවූ නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් අල්නූර් මුස්ලිම් දේවස්ථානය අසළ ඝාතනයට ලක්වූන් සිහිකර විශේෂ යාඥා සැමරුමක් අද (22) පැවැත්විණි.

    ශ්‍රී ලංකාවේ වේලාවෙන් උදෑසන 6 ට පමණ නවසීලන්ත වේලාවෙන් පස්වරු 1.30 ට මළවුන් සිහිකළ අතර BBC CNN ඇතුළු ලෝකයේ ප්‍රධාන මාධ්‍ය එහි සිට සජීවී විකාශයන්ද සිදු කරනු ලැබිණි.

    මුස්ලිම් ත්‍රස්ත තර්ජන ගැන ලෝකයම කම්පා වෙන වකවානුවක් වුවත් මෙම ඝාතන සාධාරණීකරණයට බටහිර මාධ්‍ය ඉදිරිපත්ව නොතිබීම සුවිශේෂ කාරණයක් වූ අතර මනුෂ්‍යත්වයේ නාමයෙන් නැවත මෙවන් විපත් ඇති නොවන්නැයි ඔවුන් යාඥා කර ඇත.

    පසුගිය 15 වන සිකුරාදා ක්‍රයිස්චර්ච් දේවස්ථාන දෙකක් ඉලක්ක කර එල්ලවූ ප්‍රහාරයෙන් 50 දෙනෙකු මියගිය අතර බ්‍රෙන්ටන් ටෙරන්ට් නමැති ඕස්ට්‍රෙලියානු ඝාතකයා සුදු ජාතිය වෙනුවෙන් මේ දේ කළ බව දන්වා තිබුණි. නවසීලන්තයේ ක්‍රයිස්චර්ච් අල්නූර් මුස්ලිම් දේවස්තානය අසළ මියගියවුන් සැමරුමට එරට අගමැතිනියද අද සහභාගීවී සිටි අතර මියගිය අයගේ පවුල්වල අයද එක්ව සිටියහ. එරට වේලාවෙන් ප.ව.1.43සිට 1.45 දක්වා විනාඩි 2ක නිශ්ශබ්දතාවයක් තබමින් මෙම සිහිකිරීම සිදු කෙරිණි.

    මෙම සියලු අවස්ථා නවසීලන්තයේ ජාතික නාලිකා හා ගුවන්විදුලි සේවාවන් ඔස්සේද සජීවීව ප්‍රචාරය විය. මෙම සිද්ධිය පදනම් කරගෙන සියලු ජාතීන් එකාවන්ව නැගී සිටීමත් ත්‍රස්තයින්ට විරෝධය පළ කිරීමත් සුවිශේෂ කාරණාවක් ලෙස ජාත්‍යන්තර විශ්ලේෂකයින් හඳුන්වාදී ඇත.

    Last modified on සිකුරාදා, 22 මාර්තු 2019 15:10

    Latest News