ආබාධය, දුර්වලතාවක් ලෙස නොසැළකූ තවත් ධෛර්යවන්ත ජීවිතයක්..(වීඩියෝ)

මාර් 19, 2019

    ආබාධය දුර්වලතාවක් ලෙස නොසළකා අභියෝගවලට සාර්ථිකව මුහුණදීමයි ජිවිතයේ දී අප කළ යුත්තේ. මේ එවන් ආදර්ශයක් ගැනයි අප දැන් ඔබට කියන්න හදන්නේ...

    1993 පෙබරවාරි පළමුවැනිදා ගුරු පත්වීම් ලැබූ ඔහු, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වාණිජ විෂය ධාරාවේ මහජන පරිපාලන පිළිබඳ විද්‍යාවේදී උපාධිධරයෙක්. කළුතර,බෝම්බුවල ශ්‍රී ධර්මාලෝක මහා විද්‍යාලයේ ඔහු සේවය කරයි. කුඩා කළ සාමාන්‍ය පරිදි පැවති දෑස් පෙනීම පාසල් අවදියේ සිට අඩු වී තිබේ. මේ නිසා ඔහුට විදුලි ආලෝකයෙන් පාඩම් නොකරන ලෙසයි, වෛද්‍යවරුන් උපදෙස් දී ඇත්තේ. එහෙත්, ඉන් අධෛර්ය නොවී ඔහු, විශාල තුඩු සහිත පෑන් භාවිත කරමින් අධ්‍යාපනය හදාරා, ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධිය හිමිකර ගත්තේය. පාසලේ ඔහු උගන්වන විෂය වන්නේ, ව්‍යාපාර අධ්‍යයනයයි. නවීන තාක්ෂණය සමඟ ගණුදෙනු කරමින් ඔහු අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය සියලු දෑ සකස් කර ගනී. තොරතුරු රැස් කිරීම මෙන්ම, නිබන්ධන සකස් කිරීමට ද භාවිත කරන්නේ, පරිගණකයයි. බෝම්බුවල  ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ ශිෂ්‍ය භට කණ්ඩායමේ සියලු වගකීම් දරන ඔහු, එහි පුහුණුකරු ලෙස ද කටයුතු කරයි. පාසල් තූර්යවාදක කණ්ඩායමේ උපදේශකයා වන්නේ ද ඔහුයි. සමස්ත ලංකා තරගවල දී එම කණ්ඩායම ජයග්‍රහණ රැසක් අත්කර ගත්තා. මේ සිසුන් ක්‍රීඩා පිටියේ මවන හැඩතල එම ගුරුවරයාගේම නිර්මාණයක්.
    දෙඇල් පෙනෙන බොහෝ දෙනෙකු ජීවිතයේ සාර්ථකත්වය අහිමි කර ගනිද්දී, අඳුරින් ආලෝකය කරා ගමන් කරන මංගල මුණසිංහ ගුරුතුමා ලබා දෙන ආදර්ශය වන්නේ, ආත්ම විශ්වාසයෙන් ක්‍රීයා කිරීමෙන් ලැබිය නොහැකි ජයග්‍රහණයක් හෝ සාර්ථකත්වයක් නොමැති බවයි.

    Last modified on සෙනසුරාදා, 23 මාර්තු 2019 18:50

    Latest News