වසර 397කට පසු 21 වැනිදාට දුර්ලභ ආකාශ සංදර්ශනයක් (වීඩියෝ)

දෙසැ 11, 2020
  • බ්‍රහස්පති සහ සෙනසුරු මේ දිනවල එකිනෙකට සමීප වෙමින් පවතින අතර දෙසැම්බර් 21 වන දින රාත්‍රී ඉතා දුර්ලභ ආකාශ සංදර්ශනයක් දැකිය හැකිවනු ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයයේ තාරකා විද්‍යා සහ අභාවකාශ විද්‍යා ඒකකයේ අධ්‍යක්‍ෂ, විද්‍යාභිවර්ධන සංගමයේ හිටුපු සභාපතිවරයෙකු වන මහාචාර්ය චන්දන ජයරත්න මහතා පවසයි.

    එදිනට එම ග්‍රහ ලෝක දෙක එක්ව අසන්න වශයෙන් විශාල දිගටි තනි ග්‍රහලෝකයක් ලෙස දිස්විය හැකි බවද ඒ මහතා සඳහන් කරයි.

    හිරු බැස යෑමෙන් පසු රාත්‍රී 8.45ට පමණ ග්‍රහලෝක බැසයාමට පෙර මේ දිනවල බටහිර අහස දෙස බැලිය හැකි නම් ග්‍රහලෝක දෙක ක්‍රමයෙන් එකිනෙකට සමීප වන බව පෙනෙන බවද මහාචාර්යවරයා පෙන්වා දෙයි.

    2020 දෙසැම්බර් 21 වන දින ග්‍රහලෝක දෙක, අංශකයකින් දහයෙන් එකක් පමණ එනම් කලා 6.1 තරම් අසන්නයට පැමිණෙන බවත් මිට පෙර මෙම ග්‍රහලෝක දෙක මෙතරම් සමීපවූයේ මීට වසර 397කට පෙර එනම් 1623 ජූලි 16 වන දිනබවත් ඒ කලා 5 කින් පමණ බවත් මහාචාර්ය චන්දන ජයරත්න මහතා සඳහන්කරයි.

    2021 දෙසැම්බර් 21න් පසු නැවත 2080 මාර්තු 15 වන දිනද අපට මෙවැනිම වූ කලා 6ක ආසන්න වන ග්‍රහ සංයෝජනයක් දැකිය හැකි වනු ඇතැයිද මහාචාර්ය චන්දන ජයරත්න මහතා පෙන්වා දෙයි.

    Last modified on සිකුරාදා, 11 දෙසැම්බර් 2020 23:37

    Latest News