"ආනාගතයක දැක්ම" සිසු මුර්ති තරගයේ ජය 'ලෝඩියා’ සහ 'බුබුළු පවූරට’

නොවැ 17, 2020

    කොළඹ වරාය නගරයේ "ආනාගතයක දැක්ම" සිසු මුර්ති තරගයේ ජය 'ලෝඩියා’ සහ 'බුබුළු පවූරට’ නිර්මාණවලට ජයග්‍රහණය හිමිවේ.

    කොළඹ වරාය නගර ව්‍යාපෘතිය විසින් සංවිධානය කරනු ලැබූ"අනාගතයක දැක්ම" ශිෂ්‍ය මුර්ති නිර්මාණ තරගයේදී සන්නිවේදන පවූරු (Interactive Wall) කාණ්ඩය යටතේ මොරටුව විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබන යාපනයේ ආර්. ජවනීසන් විසින් ඉදිරිපත් කරනු ලැබූ ‘බුබුළු පවූර’ (Wall of Bubbles) නිර්මාණය ජයග‍්‍රහණය හිමිකරගත් අතර, වෙරළ මූර්ති Beach Sculpture) කාණ්ඩය යටතේ තරිඳු පෙරේරා, පුලස්ති හඳුන්ගේ සහ විරන්ග වඩුගේ ප‍්‍රමුඛ කරගත් City School of Architecture කණ්ඩායම විසින් නිර්මාණය කරනු ලැබූ ‘ලෝඩියා’ (Lodiya) නිර්මාණය ජයග‍්‍රහණය හිමිකරගත්තේය.

    මෙමජයග‍්‍රාහී නිර්මාණ කොළඹ වරාය නගර පරිශ‍්‍රයේ වෙරළ කලාපයේ ඉදිරියෙදි ඉදිකිරීමට නියමිතයි.

    මෙම තරගයේ සමාප්තිය සහ ත්‍යාග ප‍්‍රදානෝත්සවය 2020 නොවැම්බර් මස16වන දින සවස සිදුවිය.

    මාසයක කාලයක් පුරා නිර්මාණ ඉදිරිපත් කිරීමේ අවස්ථාව සහ පුළුල් වූ උපදේශන කාල පරිච්ෙඡ්දයක් යටතේ පවත්වනු ලැබූ "අනාගතයක දැක්ම"තරගය, ශ‍්‍රී ලාංකීය යොවුන් කලා කුසලතා නිර්මාණ තුළින් කොළඹ වරාය නගරය වෙත ආකර්ෂණයක් හිමිකර ගැනීමේ අරමුණින් දියත් කරනු ලැබූ ව්‍යාපෘතියකි.

    මෙම තරගය දේශීය හෝ විදේශී යපිළිගත් විශ්වවිද්‍යාලයන්හි කලා, ගෘහ නිර්මාණ ශිල්පය, සැළසුම්, ඉංජිනේරු සහ නිර්මාණශීලීත්වය හා සම්බන්ධ වෙනත් ඕනෑම ශාස්ත‍්‍රපති උපාධියක් හදාරණු ලබන ලාංකීය සිසුන් සඳහා අයදුම්පත් යොමුකිරීමේ අවස්ථාව ලබාදුන්අතර, මෙහිදී ලොව ප‍්‍රමුඛතම විශ්වවිද්‍යාල නියෝජනය කරමින් අයදුම්පත් 400කට ආසන්න ප‍්‍රමාණයක් ලැබිණි.

    Latest News