අප්‍රේල් මස 5 වැනිදා සිට 15 වැනි දා දක්වා සූර්යා ශ්‍රී ලංකාව ආශ්‍රිත අක්ෂාංශවලට සෘජුවම ඉහළින් පවතින බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

සබරගමුව, මධ්‍යම, දකුණු, බස්නාහිර සහ ඌව පළාත්වලත් අනුරාධපුර සහ වවුනියාව දිස්ත්‍රික්කවලත් තැනින් තැන සවස 2.00 න් පසු ගිගුරුම් සහිත වැසි ඇතිවර අතර පසුව එම තත්ත්වය නැගෙනහිර පළාතට පැතිර යා හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

අද දින (06) දහවල් 12.12 ට අහුන්ගල්ල, ගනේගොඩ, කලුබෝවිටියාන, කැටවල, වලල්ගොඩ, සූරියවැවසහ ගල්කඩුව යන ප්‍රදේශ වලට හිරු මුදුන්ව පවතින බවත් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

වයඹ පළාත, ගම්පහ, මන්නාරම, වව්නියාව, මුලතිව්, හම්බන්තොට සහ මොණරාගල යන දිස්ත්‍රික්කවල බොහෝ ස්ථාන හෙට දිනයේ වැඩි උණුසුම් කාලගුණ තත්වයක් පෙන්නුම් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

 දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (24) වැසි රහිත කාලගුණයක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර සිටියි.

අද සහ හෙට (17 - 18) බස්නාහිර, සබරගමුව, වයඹ, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව ඉහළ මට්ටමක පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුර, උතුරු මැද, නැගෙනහිර යන පළාත්වල සහ පුත්තලම දිස්ත්‍රික්කයේ බොහෝ ස්ථානයන්හි අද වැඩි අවධානයක් යොමු කළ යුතු මට්ටමේ උණුසුම් කාලගුණ තත්වයක් ඇතිවිය හැකියි.

දිවයින හරහා හා දිවයින අවට ප්‍රදේශවල සුළඟේ වේගය අද දිනයේ දී වැඩි විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

සබරගමුව, බස්නාහිර සහ වයඹ පළාත්වලටත් ගාල්ල, මාතර දිස්ත්‍රික්කවලටත් ප්‍රබල අකුණු හා ගිගුරුම් සහිත වැසි ඇතිවන බැවින් විමසිලිමත් වන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

දැනට පවතින වැසි තත්වය තවදුරටත් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

Latest News