සවස 1 පසු අදත් වැස්ස

නොවැ 28, 2019

    උතුරු, නැගෙනහිර, උතුරු මැද සහඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර සෙසු ප්‍රදේශවල ප.ව.1.00 න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

    ඊසාන දිග මෝසම් කාලගුණ තත්ත්වය මේ වන විට දිවයින හරහා ක්‍රමයෙන් ස්ථාපිත වෙමින් පවතී. එම නිසා දිවයිනේ උතුරු හා නැගෙනහිර පළාත්වල පවතින වැසි තත්ත්වය තවදුරටත් වර්ධනය වනු ඇති. උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වල (විශේෂයෙන්ම මඩකලපුව, අම්පාර, යාපනය, පොලොන්නරුව, බදුල්ල, ත්‍රිකුණාමලය, කිලිනොච්චි සහ මුලතිව් දිස්ත්‍රික්කවල) ඇතැම් ස්ථානවලට මි.මී.100-150 පමණ තද වර්ෂාපතනයන්ද, සබරගමුව, බස්නාහිර, මධ්‍යම සහ දකුණු පළාත්වල ඇතැම් ස්ථාන වලට මි.මී. 75-100 ක පමණ තරමක් තද වර්ෂාපතනයන්ද ඇති විය හැක.

    මධ්‍යම කඳුකර ප්‍රදේශවලත් උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වල සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් සුළගේ වේගයේ විටින් විට පැ.කි.මී.50 දක්වා වැඩි විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාව දැනුවත් කෙරේ.

    Last modified on බ්‍රහස්පතින්දා, 28 නොවැම්බර් 2019 07:56

    Latest News