'බුල්බුල්' 13කට මරු කැඳවයි

නොවැ 11, 2019

    බුල්බුල් සුළි කුණාටුව හේතුවෙන් ඉන්දියාවේ සහ බංගලාදේශයේ පුද්ගලයින් 13 දෙනෙකු මියගොස් තිබේ.

    සුළි කුණාටුව හේතුවෙන් මිලියන දෙකකට අධික ජනතාවට රාත්‍රිය ගෙවා දැමීමට සිදුවූයේ ආරක්ෂිත කඳවුරු තුළයි. බෙංගාල බොක්ක හරහා සුළි කුණාටුව ඉන්දියාවට හා බංගලාදේශයට ඇතුළු විය. සුළි කුණාටුවත් සමග පැයට කිලෝ මීටර 120කට අධික වේගයකින් සුළං හමා ගියේය. සුළි කුණාටුවෙන් තවත් පුද්ගලයින් රැසක් තුවාල ලබා ඇති අතර, දහස් ගණනක් නිවාස මුළුමනින්ම විනාශ වී තිබේ. බංගලාදේශයේ මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 6ක් ලෙස වාර්තා වෙයි. ඉන් මරණ 5ක්ම සිදුව ඇත්තේ ගස් කඩා වැටීම හේතුවෙන්.

    පූර්ව අනතුරු ඇඟවීම්වලට අනූව ක්‍රියා කරමින් ජනතාව ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීම නිසා, ජීවිත හානි අවමකර ගැනීමට හැකිවූ බව, බලධාරීන් පවසයි. කෙසේ වෙතත් මේ වන විට සුළි කුණාටු තත්වය ක්‍රමයෙන් පහව යන බවයි, කාලගුණ බලධාරීන් පවසන්නේ.

    Last modified on සදුදා, 11 නොවැම්බර් 2019 09:04

    Latest News