අයහපත් කාළගුණයෙන් පවුල් 643ක් විපතට: දිස්ත්‍රික් කිහිපයකට නාය අනතුරු

දෙසැ 01, 2019

    දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් පවුල් 643කට පුද්ගලයන් 2200ක පමණ පිරිසක් පීඩාවට පත්ව ඇතැයි ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

    මේ අනුව ආරක්ෂිත ස්ථාන තුනක පුද්ගලයන් 297 දෙනෙකු රැදී සිටින බවත් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය කියා සිටි. රත්නපුර, කෑගල්ල හා බදුල්ල යන දිස්ත්‍රික්කවලට නාය යාමේ පුර්ව අනතුරු ඇඟවීම් නිවේදන මේ වන විට නිකුත් කර තිබේ.

    landslide px 900 19 12 01

    වයඹ, සබරගමුව, බස්නාහිර, දකුණු සහ මධ්‍යම පළාත්වලටත් මන්නාරම, අනුරාධපුර සහ බදුල්ල දිස්ත්‍රික්කවලටත් මිලිමිටර් 150ට වැඩි තද වැසි අද දිනයෙත් ඇති විය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ඊයේ (30) පසවරුවේ සිට දිවයිනේ දිස්ත්‍රික්ක රැසකට මිලිමීටර් 100 ත් 150 අතර වැසි තත්වයක් ඇතිවි තිබේ.

    හගුරන්කෙත පල්ලෙබෝල සහ පදියපැලැල්ල ගොවිජන බල ප්‍රදේශවල අලුත් අස්වද්දනු ලැබූ කුඹුරු ජලයෙන් යටවී විනාශ වි ඇතැයි අප වාර්තාරු පවසයි. ගුරුගල්ඔය ද වාන් දැමිමෙන් ප්‍රදේශයේ මාර්ග ගණනාවක් ජලයෙන් යටවී ඇති බවත් වාර්තාවේ.

    මේ අතර දඹුල්ල ඉබ්බංකට්ටුව ජලාෂවේ වාන් දොරටු ඊයේ රාත්‍රියේ විවෘත කෙරිණ.

    Latest News