වැසි තත්වයේ අඩුවීමක්

නොවැ 06, 2019

    අද දින තුලදී දිවයිනේ වැසි තත්ත්වය තාවකාලිකව තරමක අඩුවීමක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව, ඌව සහ දකුණු පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ස්ථාන ස්වල්පයක සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

    කොළඹ, ගම්පහ සහ ගාල්ල දිස්ත්‍රික්කවල ස්ථාන ස්වල්පය උදෑසන කාලයේදීත් වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි.බස්නාහිර, සබරගමුව, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකියි. ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවට දැනුම් දෙයි.

    උතුරු අන්දමන් මුහුදු ප්‍රදේශයේ සහ යාබද ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පැවති අඩු පීඩන කලාපය මේ වන විට පීඩන අවාපතයක් දක්වා වර්ධනය වී 13.3N, 88.9E ආසන්නව පවතී. එය ඉදිරි පැය 12 තුලදී ගැඹුරු පීඩන අවපාතයක් දකවා වර්ධනය වී වයඹ දෙසට ගමන් කරනු ඇත. මෙම පද්ධතිය ඊළඟ පැය 48 තුලදී තවදුරටත් සුලිකුණාටුව දක්වා වර්ධනය වී වයඹ දෙසට ගමන් කරනු ඇතැයි බලාපොරොත්තු වේ. එම මුහුදු ප්‍රදේශයේ තද වැසි/ගිගුරුම් සහිත වැසි, තද සුළං සමඟ රළු මුහුදු ප්‍රදේශ බලාපොරොත්තු විය හැක. ධීවර සහ නාවුක ප්‍රජාව(විශේෂයෙන්ම බහුදින ධිවර යාත්‍රා) මේ පිලිබදව ඉතා අවධානයෙන් කටයුතු කරන ජනතාවට දැනුම් දෙයි.

    ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශවල තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

    පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරය දක්වා වන මුහුදු ප්‍රදේශවල සුළං බස්නාහිර සිට නිරිත දක්වා වන දිශාවලින් හමන අතර සුළගේ වේගය පැ.කි.මී.(15-30) පමණ වේ. සෙසු මුහුදු ප්‍රදේශවල සුළං වයඹ සිට උතුර දක්වා වන දිශාවලින් හමා එන අතර සුළගේ වේගය පැ.කි.මී.(30-40) පමණ වේ.

    ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම මුහුදු ප්‍රදේශවල (පැ.කි.මී. 70-80 දක්වා) තාවකාලිකව තද සුළං ඇති විය හැකි අතර එවිට එම මුහුදු ප්‍රදේශ තාවකාලිකව ඉතා රළු විය හැක.

    Last modified on බදාදා, 06 නොවැම්බර් 2019 07:28

    Latest News