“ලී” සුළි කුණාටුවෙන්, අමෙරිකාවට සහ කැනඩාවට දැඩි හානි සිදුව තිබෙනවා. කැනඩාවේ “නෝවා ස්කෝෂා” ප්‍රාන්තයේ එක්ලක්ෂ විසිදහසක පමණ පිරිසකට, විදුලි විසන්ධිවීම් සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
“ලී” සුළි කුණාටුව බලපෑම 4 වන කාණ්ඩයේ සුළි කුණාටුවක් බවට වර්ධනය වී ඇති බව එරට කාලගුණ විද්‍යා අංශ නිවේදනය කරනවා. “ලී” නිවර්තන සුළි කුණාටු තත්වය මේ වනවිට පැයට කිලෝ මීටර 112 ක් දක්වා වර්ධනය වියහැකි බව කාලගුණ විද්‍යා අංශ තවදුරටත් නිවේදනය කර සිටිනවා. කැනඩාවේ ප්‍රදේශ රැසකට බලපා ඇති දැඩි සුළං ප්‍රවාහයත් සමග, අධික වර්ෂාපතනයක් ද හටගෙන තිබෙනවා. අමෙරිකාවේ “මෙන්” ප්‍රාන්තයේ ගස් කඩාවැටීමෙන් එක් පුද්ගලයෙක් මියගොස් ඇති අතර කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව වාර්තා වනවා. මේ වනවිට කැනඩාවේ ගුවන් ගමන් වාර සහ රථ වාහන ගමනාගමන කටයුතු තාවකාලිකව නවතා දමා ඇති අතර “නිව් ඉංග්ලන්ඩ්” සහ කැනේඩියානු ප්‍රාන්ත ගණනාවක කුණටු අනතුරු ඇඟවීමේ සංඥා නිකුත් කොට තිබෙනනවා.
සුළි කුණාටු තත්වය “ලෝන්ග් අයිලන්ඩ්” ගොඩබිම හරහා උතුරු දෙසට ගමන් කරන බව වාර්තා වනවා. “ලී” නිවර්තන සුළි කුණාටුව අත්ලාන්තික් සාගර කලාපය තුළ සතියකට වඩා වැඩි කාලයක්, ප්‍රදේශ රැසකට ප්‍රබල බලපෑම් එල්ල කළ සුළි කුණාටු තත්වයක් ලෙස කාලගුණ විද්‍යා අංශ ප්‍රකාශ කොට සිටිනවා.
ශ්‍රී ලංකාවේ චාරිකාවක නිරත අමෙරිකා එක්සත් ජනපදයේ සෙනට් මණ්ඩල සභික ක්‍රිස්වැන් හොලන් මහතා, ඊයේ සවස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මුණ ගැසුණා.
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ප්‍රමුඛ ඩිමොක්‍රටික් පක්ෂය සහ රිපබ්ලිකන් පක්ෂය අතර, විශේෂ සාකච්ඡාවක් ඊයේ පැවැත්වුණා.
මධ්‍යවාර මැතිවරණය වෙනුවෙන් ඡන්ද දායකයින් ඇමතීමට ඡෝ බයිඩන්, බැරැක් ඔබාමා සහ ඩොනල්ඩ් ට්‍රම්ප් පෙන්සිල්වේනියාවට පැමිණියා.
අමෙරිකාවේ ඇතැම් ප්‍රාන්තවල මුවආවරණ පැළදීමේ නීතිය යළි බලාත්මක කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.
කොරෝනා වෛරසය එහි අමිහිරිම සංධිස්ථානය වෙත ළාගාවන විට ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් වෙත ළගාවන විට ලොව වැඩිම කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාවක් හඳුනාගෙන ඇති අමෙරිකාවේ නොකඩවා දින 4ක් ඇතුළත දෛනික කොරෝනා ආසාදිතයන් ලක්ෂය බැගින් වාර්තා විය.
එක්සත් ජනපදය ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් නිල වශයෙන්ම ඉවත් වන බව ට්‍රම්ප් පරිපාලනය කොංග්‍රසයට හා එක්සත් ජාතීන්ට දැනුම් දී ඇති බව වාර්තා වෙයි.
අමෙරිකාවේ කොරෝනා මරණ සංඛ්‍යාව 100,000 ඉක්මවා ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
කොවිඩ් 19 හෙවත් නව කොරෝනා වෛරසය හේතුවෙන් අමෙරිකවේ සිදුව ඇති සමස්ත මරණ සංඛ්‍යාව අද වන විට 40,000 ඉක්මවා තිබේ.
අමෙරිකාවේ කොරෝනා වෛරසය හේතුවෙන් මියගිය පිරිස 25,000 ඉක්මවා තිබේ. මේ දක්වා එරට හය ලක්ෂ 13,886 දෙනෙකුට වෛරසය ආසාදනය වී ඇති බවයි, වාර්තා වන්නේ.