අමෙරිකාවට යළි මුවආවරණ නීතිය

ජූනි 30, 2021

    අමෙරිකාවේ ඇතැම් ප්‍රාන්තවල මුවආවරණ පැළදීමේ නීතිය යළි බලාත්මක කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

    ඒ කොරෝනා වෛරසයේ ඩෙල්ටා ප්‍රභේදයේ ශීඝ්‍ර ව්‍යාප්තිය හේතුවෙන්. එම ප්‍රභේදය මේ වන විට අමෙරිකාවේ සියලුම ප්‍රාන්තවල ව්‍යාප්ත වී ඇති බවයි එරට සෞඛ්‍ය අංශ පවසන්නේ.
    ඩෙල්ටා ප්‍රභේදය අමෙරිකාවේ ව්‍යාප්ත වන දරුණුතම සහ ප්‍රධානම කොරෝනා වෛරස ප්‍රභේදය වනු ඇතැයි එරට රෝග පාලන හා වැළැක්වීමේ මධ්‍යස්ථානය පවසයි. එරට ජනගහනයෙන් හරි අඩකට පමණ තවමත් කොරෝනා මර්දන එන්නත් ලබාදී නොමැති නිසා ඩෙල්ටා ප්‍රභේදයෙන් සිදුවිය හැකි බලපෑම ඉහළ බවයි විශේෂඥයින් පවසන්නේ.
    ලොස්ඇන්ජලිස් ඇතුළු ප්‍රදේශ කිහිපයක කොරෝනා වෛරස ව්‍යාප්ති පාලන නීති යථාවත් කිරීමට බලධාරීන් පියවර ගෙන තිබේ.

    Latest News