ගිනෙස් පොතට ගිය සුපිරි පීසා රොටිය

නොවැ 12, 2018

    පැය 12ක් තුල දී වැඩිම පීසා ප්‍රමාණයක් නිපදවා වාර්තාවක් තැබීමට ආජන්ටිනා කෝකිවරුන් පිරිසක් ඊයේ සමත් විය.

    සිය ගණනක් කෝකිවරුන් ආජන්ටිනාවේ බුවනෝස් අයරේස් අගනුවරට රැස්ව මෙම ප්‍රයත්නය දැරීය.

    ඔවුන්ගේ උත්සහය වූයේ, පැය 12ක කාලයක් තුල පීසා 11,000ක් සැකසීමයි. ඔවුන් පැය 12ක කාලයක් තුළ පීසා 11,287ක් සකසනු ලැබීය.

    ගිනෙස් බලධාරීන් සඳහන් කර තිබුණේ, ඔවුන් පැරණි වාර්තා බිඳදමා නව වාර්තාවට හිමිකම් කියන බවයි. දැනට ලෝක වාර්තාවට හිමිකම් කියන්නේ ඉතාලිය වන අතර, ඔවුන් පැය 12ක කාලයක් තුළ පීසා 10,065ක් සකසා තිබේ.

    ඊයේ වාර්තාව සඳහා පිටි කිලෝ 3,000ක්, සෝස් ලීටර් 3,100ක් යොදා ගැනේ. මෙම පීසා විකිණීමෙන් ලැබෙන ආදායම සමාජ ක්‍රියා සඳහා යොදවන බවයි, සංවිධායකයින් පවසන්නේ.

    Latest News