විශ්ව රූ රැජින කිරුළ ඉන්දියාවේ 'හානාස් සන්දු'ට

දෙසැ 13, 2021

    2021 විශ්ව රූ රැජින කිරුළ ඉන්දියාවට හිමිවිය. එරට නියෝජනය කරමින් තරගවැදුනු හානාස් සන්දු කිරුළ හිමිකර ගත්තේ, දෙවැනි සහ තෙවැනි ස්ථානය පැරගුවේ සහ දකුණු අප්‍රිකාව යන රටවලට හිමිකර දෙමින්.

    මෙවර තරගාවලිය පැවැත්වුණේ, ඊශ්‍රායලයේ එලියට් නගරයේදී. රටවල් 79ක් නියෝජනය කරමින් තරගකාරියන් ඊට එක්ව සිටියේය. පැරගුවේ රාජ්‍ය නියෝජනය කළ නාඩියා ෆෙරෙයිරා දෙවැනි ස්ථානයත්, දකුණු අප්‍රිකාව නියෝජනය කළ ලලේලා ම්ස්වානි තෙවැනි ස්ථානයත්, හිමිකර ගනු ලැබීය.

    61b6bb003686560018996184

    මෙවර කිරුළ හිමිකර ගත් හානාස් සන්ද රංගන ශිල්පිනියක සහ සමාජ ක්‍රියාකාරිණියක ද වෙයි. ඇය රඟපෑ නවතම චිත්‍රපට දෙකක් ලබන වසරේ තිරගත වීමට නියමිතයි.

    හානාස් සන්දු තොරතුරු තාක්ෂණය පිළිබඳ මූලික උපාධියක් ලබා ඇති අතර පරිපාලනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් හදාරමින් සිටියි.
    ඇයට කිරුළ පළඳනු ලැබුවේ පසුගිය වසරේ කිරුළ හිමිකර ගත් ඇන්ඩ්‍රියා මේසා විසින්.

    harnaazsandhu 7218616 m

    මෙවර විශ්ව රූ රැජින කිරුළ පැවැත්වුණේ, 70 වැනි වරටයි. මීට පෙර විශ්ව රූ රැජිනියන් දෙදෙනෙකු ඉන්දියාවෙන් බිහි වී තිබේ. 1994 සුෂ්මිතා සෙන් සහ 2000 වසරේ ලාරා දත්තා එම ජයග්‍රාහිකාවන් දෙදෙනායි.

    2021 12largeimg 147665055

    Harnaaz Sandhu 1200 AP

    86760857

     

     

    Last modified on සදුදා, 13 දෙසැම්බර් 2021 11:33

    Latest News