විල්පත්තුව පිළිබඳව කටකතා පතුරවමින් දේශපාලන වාසි ලබාගනිමින් බලයට ඒමට ඇතැම් පිරිස් කුමන්ත්‍රණය කරන බැවින් විල්පත්තුව ගැන සොයා බැලීමට ජනාධිපති කොමිෂමක් පත් කරන ලෙස ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා මහතා මහතා ඉල්ලා සිටියි.

අයවැය 2019 තෙවැනිවර කියවීම හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය අද (23) පාර්ලිමේන්තුවේ දී පැවැත්වෙයි.

මෙවර අයවැය ආර්ථික සංවර්ධනය පමණක් නොව, සමාජ සංවර්ධනය ද මූලික කරගත් එකක් බව, මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා පවසයි.

පවතින නීතිමය තත්වය මත පළාත් සභා මැතිවරණය පැවැත්වීම ගැන නීතිපතිගෙන් විමසීමට පාර්ලිමේන්තු පක්ෂ නායකයින්ගේ එකඟතාවකට පැමිණ තිබේ.

ජාතික ආණ්ඩුව පිහිටුවිම පිළිබඳ යෝජනාව සංවිධානාත්මක හා  සියළු පක්ෂවල සහයෝගය ඇතිව ලබන සතියේ  දිනයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව,  ලක්ෂමන් කිරිඇල්ල මහතා ප්‍රකාශ කරයි. 

කුමන බාධක පැමිණියත්, ඉදිරි මාස 2ක කාලය තුළ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට හා බරපතල අපරාධ සිදුකරන්නන්ට එරෙහිව, මරණ දඬුවම ක්‍රියාත්මක කරන බව, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පවසයි.

වරදකරුවන් භාර දීමේ පනත යටතේ නියමය සහ ණය සහනදායක ආඥාපනත යටතේ නියෝගයක් අද (6)  පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනිණ.

හෙට උදෑසන 10.30ට පාර්ලිමේන්තුව රැස්වීමෙන් අනතුරුව ජාතික ආණ්ඩු යෝජනාව විවාදයට ගැනීමට නියමිත තිබේ.

ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ බහුතර ආසන ප්‍රමාණයත් සමඟ එක්සත් ජාතික පක්‍ෂය ජාතික ආණ්ඩුවක් පිහිටුවා ඇති බව පෙන්වා දෙමින්, සභානායක අමාත්‍ය ලක්‍ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත යෝජනාවක් ඉදිරිපත් කර තිබේ.

පාර්ලිමේන්තු තුළ ඇතිවූ ගැටුම්කාරී සිද්ධිය සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් 59 දෙනෙකුට චෝදනා එල්ල වී තිබේ.

Latest News