බය ඇති කරමින් පාසල් පද්ධතිය අඩපණ කරන්න හදනවා..

මැයි 24, 2019

    පාසල්වල බය ඇති කරමින් පාසල් පද්ධතිය අඩපන කරන්න හදන බවත් දැන් සිදු වීම් කෘත්‍රීමව ඇති කරන්න යන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අද (24) පාර්ලිමේන්තුවේ දී පැවසී ය.

    අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ,මහජන ආරක්ෂක ආඥාපනත යටතේ යෝජනාවේ විවාදයට එක්වෙමිනි.

    "හදිසි නීතිය දීර්ග කරනවා, වගේම පක්ෂ විපක්ෂ අප කොහොමද වගකීම් ඉටු කරන්නේ කියලා බලන්න ඕන.ආරක්ෂක අංශවලට හැකි වුණා උපරිම මට්ටමින් ත්‍රස්තවාදී ක්‍රියා පාලනය කරන්න.විවිධ ප්‍රකාශ කරමින් වැරදි තොරතුරු සමාජ ගත කමින් ප්‍රචාරය කළා, ඒ නිසා තවත් දින ගණනක් ගියා පාසල්වලට දරුවන් ගෙන්නා ගන්න. සමහර අය දේශපාලන සංදර්ශන කළා. අපට ප්‍රශ්නයක් නෑ.

    ත්‍රස්තවාදීන් බලාපොරොත්තු වුණා කියලා විශ්වාස කරනවා වැරදි තැනකට රට තල්ලු කරන්න.එවැනි තත්ත්වයකට යන්න නොදී වළක්වා ගන්න පුළුවන් වුණා. වෘත්තීයක් වශයෙන් බොරු කියන අය ඉන්නවා. ඒවා
    සමාජ ගත කරනවා.

    බදුරලියේ සිද්ධියක් වාර්තා වුණා. කුමන්ත්‍රණකාරී අයගේ ක්‍රියාවක්. පාසල්වල බය ඇති කරමින් පාසල් පද්ධතිය අඩපන කරන්න හදනවා. ආපසු ගෙවන්න වෙන්නේ ජනතාවටයි.දේශපාලන වාසි තකා කරනවා.මේ අය අත් අඩංගුවට ගන්න ඕන.දැන් සිදු වීම් කෘත්‍රීමව ඇති කරන්න යනවා. වගකීමේ තද ක්‍රියාමාර්ග ගන්නවා. අපට වුවමනා වුනේ නැවත රට ආර්ථිකවශයෙන් සමාජය වශයෙන් ශක්තිමත් කරමින් ජනතාවට හොඳක් වෙන්නයි බලාපොරොත්තුව. ඒ නිසයි වගකීම බාර ගත්තේ. අප වගකීමෙන් කටයුතු කරමු" යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

     

     

     

    Last modified on සිකුරාදා, 24 මැයි 2019 15:15

    Latest News