පාස්කු ප්‍රහාරය සෙවීමට විශේෂ කාරක සභාව නම් කෙරේ

මැයි 23, 2019

    Update - අප්‍රේල් 21 දින සිදු වූ ත්‍රස්ත ප්‍රහාර සම්බන්ධයෙන් සොයා බලා පාර්ලිමේන්තුවට වාර්තා කිරීම සඳහා වන පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපතී ලෙස නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා විශේෂ පත් කර තිබේ.

    කතානායක කරූ ජයසූරිය මහතා ඒ බව අද (23) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    මෙම කාරක සභාව සඳහා අමාත්‍ය රාවුෆ් හකීම් මහතා, අමාත්‍ය රවී කරුණානායක මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා, මන්ත්‍රී මහාචාර්ය ආශූ මාරසිංහ මහතා, මන්ත්‍රී ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා, මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පත් කර ඇති බව කතානායකවරයා නිවේදනය කළේ ය.

    මෙම කාරක සභාව සඳහා ඊයේ (22) පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමි විය.

    පාස්කු ප්‍රහාරය ගැන විශේෂ කාරක සභාවේ වාර්තාව සති 2ක් ඇතුළත ලබාදිය යුතුයි - අගමැති (09:52)

    අප්‍රේල් 21 වන දින සිදු වූ ප්‍රහාරය සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේ පත් කෙරුණු විශේෂ කාරක සභාවේ වාර්තාව සති දෙකක් ඇතුළත ලබාදිය යුතු බව අග්‍රාමාත්‍යවරයා මීට ස්වල්ප වේලාවකට පෙර කතානායකවරයාගෙන් ඉල්ලා සිටියා.

    පසුගිය 21 වෙනිදා සිදුවූ බෝම්බ ප්‍රහාරයට අදාළ කරුණු සහ රිෂාඩ් බදියුදීන් මහතාට එල්ල වී තිබෙන චෝදනා සම්බන්ධව සොයා බැලීමට ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය නියෝජනය වන පරිදි මෙම පාර්ලිමේන්තු තේරිම් කාරක සභාව ඊයේ (22) පත් කරනු ලැබූ අතර, මෙය සාමාජිකයන් 40 දෙනෙකුගෙන් සමන්විතය.

    Last modified on බ්‍රහස්පතින්දා, 23 මැයි 2019 13:56

    Latest News