පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවෙන් කාවින්ද ඉවතට;රාජිත - නලින්ද ඇතුලට

මැයි 24, 2019

    අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාර ගැන සෙවීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා ඉල්ලා අස්වී තිබේ.

    ඒ වෙනුවට ආණ්ඩු‍ව පාර්ශවයට අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පත්කර ඇත. ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී නලින්ද ජයතිස්ස පත්ව ඇත්තේ විපක්ෂ කණ්ඩායමේ නියෝජිතයෙකු ලෙසිනි.

    පාස්කු දින එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සොයා බැලීමේ පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ සභාපති ලෙසින් නියෝජ්‍ය කතානායක ආනන්ද කුමාරසිරි මහතා පත්වි සිටි. කාරක සභාවේ සෙසු සාමාජිකයන් සංඛ්‍යාව 07කි.

    අමාත්‍ය රාවුෆ් හකීම් මහතා, අමාත්‍ය රවී කරුණානායක මහතා, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා, මහාචාර්ය ආශූ මාරසිංහ මහතා, ආචාර්ය ජයම්පති වික්‍රමරත්න මහතා, එම්. ඒ සුමන්තිරන් ඊට ඇතුළත්වේ.

    මෙම පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් නියෝජිතයින් ඉදිරිපත් නොකරන බව එහි මහලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද අමරවීර මහතා ඊයේ පැවසියීය.

    මෙම තේරීම් කාරක සභාවේ අතුරු වාර්තාව සති දෙකක් ඇතුළත අවසන් කර ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කතානායක කරූ ජයසූරියගෙන් ඉල්ලීමක් කළේය.

    Last modified on සිකුරාදා, 24 මැයි 2019 11:41

    Latest News