දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයාමේ අනතුරු ඇගවීම් නිකුත් කර තිබෙනවා.

කොළඹ, කළුතර, මහනුවර, මාතලේ, නුවරඑළිය, කෑගල්ල, රත්නපුර සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විසින් නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබේ.

දිවයිනට බලපා ඇති වැසි තත්වය හේතුවෙන් දිස්ත්‍රික්ක 4ක් සඳහාමගින් නායයාමේ අවදානම් නිවේදනයක් නිකුත් කර තිබේ. ඒ අනූව, කෑගල්ල, මහනුවර, මාතලේ සහ රත්නපුර දිස්ත්‍රික්ක මීට අයත් බවයි, ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය දැනුම් දෙන්නේ.

අයගම දුම්බර ග්‍රාමසේවා වසමට අයත් මැදපොළ ප්‍රදේශයේ කන්දක් නාය යැමෙන් මියගිය වයස අවුරුදු 16 ක දැරියකගේ සිරුර අද (04) දහවල් සොයා ගෙන තිබේ.

හැටන් - සමනලගම ප්‍රදේශයේ කොටසක් (19) දින අලුයම නායගොස් තිබේ.

දිස්ත්‍රික්ක 05ක් සඳහා නිකුත් කර ඇති නායයාම් අවධානම් නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක කෙරෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය පවසයි.

පවතින වැසි තත්වය නිසා කෑගල්ල,රත්නපුර,කළුතර හා බදුල්ල යන දිස්ත්‍රික්ක වලට පැනවූ නායයැමේ අවදානම ඒ අනූව තවදුරටත් ක්‍රියාත්මක බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.

ගාල්ල,වඳුරඹ,කොකාවල නිවාස දෙකක් නාය යෑමෙන් නිවසකට යට වී කාන්තාවක් මියගොස් තිබේ.

පවතින අධික වැසි තත්ත්වය මත රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර සහ බලංගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස සදහා නායයෑම් අවදානම් පුර්ව අනතුරු ඇගවීම් නිවේදන ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් නිකුත් කර තිබේ.

Latest News